පරිච්ඡේදය 02

79 6 5
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~ සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ

සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ ~

***

වසර හතරකට පසු


' මිස් නුවී.. දැනට වේකන්සි තියන සෙක්ශන් ටිකට අවශ්‍ය physicians ලයි surgeons ලයි සම්බන්ධ කර කරගෙනද තියෙන්නෙ ? '

ඩොකියුමන්ට්ස් ටික සයින් කරන ගමන් මගේ PA ගෙන් ඇහුවෙ මේ සතිය ඇතුළත ඒ සෙක්ශන් වල වේකන්සි පුරවල සම්පූර්ණ කරන්න ඕනි නිසා.

' Yes mam..admin panel එකෙන් ඇපෲ කරගෙන තියන කොලෆයිඩ් ඩොක්ටර්ස්ලගෙ ඩීටේල්ස් ටික මේ ෆයිල් එකේ තියනවා..මෑම්ගෙ ෆයිනල් ඇපෘවල් එක දෙන්න විතරයි තියෙන්නෙ '

මිස් නුවී ෆයිල් එක ඩෙස්ක් එකේ දිග ඇරල ඩොක්ටර්ස්ලගෙ ෆොටෝ එකක් එක්කම සියලුම ඩීටේල්ස් තියන පේපර්ස් ටිකක් පෙන්නුවා.එතන ගොඩක් cvs තිබුන නිසා ඒක චෙක් කරන වැඩේ මං මේ ඩොකියුමන්ට්ස් ටික සයින් කරල ඉවර වෙලා කරන්න දා ගත්තෙ එයාට අලුතින් අපිට එකතු වෙන ස්ටාෆ් එකට අවශ්‍ය ඔෆිස් සහ ක්ලිනික් රූම්ස් ටික ලෑස්ති කරන වැඩේ හරිද බලන්න කියල.මේ සතිය ඇතුලත මේ සේරම අඩුපාඩු සම්පූර්ණ කරන්න එපෑ.

අවුරුදු තුනහමාරකට වගේ කලින් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති තරුණ කෙල්ලෙක් විදියට මං ප්‍රයිවට් හොස්පිටල් එකක් පටන් ගන්න වැඩේට අත ගැහුවෙ පරම්පරාවෙන් උරුම වුන එරික් පීරිස් ගෲප් එකේ Chairperson විදියට පත් වුනාට පස්සෙයි.ඒ වෙද්දි මං මගේ MBA එක කම්ප්ලීට් කරල තිබුනෙ.ඩිග්‍රි එක බිස්නස් පැතෙන් ගත්තට මං ඒ ලෙවල්ස් වලට සයන්ස් සබ්ජෙක්ට් කලේ. මගේ කසින්ස්ල දෙතුන් දෙනෙක්ම ඩොක්ටර්ස්ල වෙලා ඉන්නව දැකල මටත් පොඩි ආසාවක් තිබුනා ඩොක්ට කෙනෙක් වෙන්න.ඒත් ඉතින් කවද හරි දවසක පවුලෙ එකම දරුව විදියට මේ බිස්නස් ටික සේරම කොහොමත් බාර ගන්න වෙන්නෙ මට නිසා ඒ ආසාව පැත්තකට දාලා Higher Studies වලට බිස්නස් ෆීල්ඩ් එකෙන් කරන්න මං එතකොටත් ලෑස්ති වෙලා හිටියෙ.අපේ ෆැමිලි බිස්නස් එක ඒ වෙද්දි තිබ්බෙ හොටෙල්ස් ඇන්ඩ් බේකරි සහ කන්ස්ට්‍රක්ශන් පැත්තට විතරයි.හැබැයි මේ හොස්පිටල් ප්‍රොජෙක්ට් එකත් එක්ක මට ඒක හෙල්ත්කෙයා පැත්තටත් එක්පෑන්ඩ් කරගන්න පුලුවන් උනා.පටන් අරන් වැඩි කාලයක් නැති උනත් අපේ තියන කොලිටීස් නිසා මේ වෙද්දි මේක රටේ ප්‍රසිද්ධ හොස්පිටල් එකක් වෙලා තියනව.මේකෙ ඕනර් මං නිසා පරිපාලන ප්‍රධානියා මං උනාට මගෙ අර කසින් ඩොක්ට කෙනෙක් ඇතුලු medical expertise ල කීප දෙනෙක් ඉන්න Administrator ටීම් එකක් මං යටෙතේ ඉන්නව.එයාල තමයි සුදුසුකම් තියන අයව ඇපෲ කරල ස්ටාෆ් එකට ඇතුලු කර ගන්නෙ.

රෝස පෙති අතුරාලා -  ( Sinhala GL ) Rosa Pethi Athurala  Where stories live. Discover now