අවටින් වැටෙන ලා හිරු කිරණත්,කුරුලු ජිවින්ගෙ කිචි බිචියත් එක්ක රාම්පුරම් යන නම් දරන සැගවිච්ච කුඩා ගම්මානයට තවත් අලුත් දිනයක් උදා උනා.ගැමියන් ලහි ලහියෙ තම දවසෙ වැඩ කටයුතු වලට හරිබරි ගැහෙද්දි ගම්මානෙ කෙලවරෙ මැටි වලින් තැනුවද හුරුබුහුටි නිවසක් තුල කුඩා ජිවියෙක් අවට ලෝකෙ ගැන කිසි ගානක් නැතුව තවමත් නිදාගෙන ඉන්නව."සාහිල්" කුඩා කල සිට මව කවුරුද පියා කවුරුද කියා නොදන්නා මොහුව ඇති දැඩි කලෙ ගමෙ වැඩිහිටියන්ය.විශාල කැලයක් මැද පිහිටි ගම්මානයෙන් ගැමියෙකු පිටතට යන්නෙ නැති තරම්.අවශ්‍ය සියල්ල ගම්මානෙන් ලැබීම එයට ප්‍රදාන හෙතුවයි.නමුදු දිනක් මහ නුවර වන ශාක්‍ය නුවර වෙතට යාමට ගම් නායකයා එලි බැසපු අවස්තාවක ගම් දොරටුව අසල දමා ගොස් තිබු කූඩයක සිට ඔහුට සාහිල්ව හම්වි ඇත.පිරුණු කම්මුල් සහිත කුඩා පැටියා දැක නැගුනු දරු සෙනහසින් ඔහු එතැන් පටන් සාහිල්ව හදාවඩා ගත්තෙය.එක්දුවණියක සිටිට තම බිරිද සමග ඇති දැඩි උ සාහිල් දහසය පසුවෙද්දිම තමන් දැන් තනිව සිටිමට පුරුදු විය යුතු බව පවසමින් මෙම කුඩා මැටි නිවස සාදාගෙන ජිවත් වෙ.විටින් විටින් තම හදාගත් පියා බැලිමට යාමටද අමතක නොකරයි
"ම්හ්ම්..."
අවට ශබ්ද වලටද සවන් දෙමින් හිමින් හිමින් තව දෙනෙත් විවර කර සාහිල් කට පුරා සිනාසෙමින් අවදි විය.එය හරියට කුඩා දරුවකු උදෑසන සිනහ මුහුණින් නැගි සිටිනව වැනිය.පිරිසිදු වී විශාල එලකිරි වීදුවකුත් පානය කල ඔහු දැන් නිවසෙන් පිටතට පැමිණ ඔහුගෙ වැඩමුරය සදහා පිටත් වෙයි.සාහිල් කරන්නෙ ගමෙ තිබෙන අස්වනු නෙලිම.මේ සදහා කොලුගැටයන් බොහො ප්‍රමාණයක් එක් රොක් වී කර මුදලක් සපය ගන්නව.තවත් සමහර භෝග ගම් දොරටුව අසලට එන කරත්තය හරහා මහනුවරට යවයි.එය ඔවුන්ගෙ වෙළදාමයි.
YOU ARE READING
CHANDRASAHIL✔
Storie breviකාලෙකින් මං ආවෙ නැත්තෙ පහළ ගං තීරෙ... ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවෙ.... ගෙවි යන මේ භවේ ජිවිත ගානෙ සංසාරෙ..... මගේම වී පතිනිය නුබෙ දිවි ගෙවෙවා නිබදේ.....