පළමු පරිච්ඡේදය

38 3 0
                                    

ආරම්භයක් හෝ අවසානයක් නිශ්චිතවම වටහාගත නොහැකිව අතරමං වූ විටෙක යමෙකුගේ සහාය ලැබෙතොත් එය අමිල වූ සම්පතකි.නමුදු පවන මෙන් වූ දෛවයෙහිදී සැමට එක සේ ස්වභාවධර්මයෙන් සැලකුම් නොලැබෙත්, ඔවුනොවුන්ගේ මග විවිදාකාරයට තීරණය වීමද අරුමයකි.ගමනාන්තයට පිවිසෙන තෙක් තමන් ගමන් ගන්නේ නිවැරදි වූ මාර්ගයකදැයි යන්න වටහා ගැන්මනම් සැබැවින්ම අහඹුවකි.ඇතැමුන් තම නිවැරදි මගෙහි ඇති අතුරු මාර්ගයන්ට හැරී වැරදි වූ මගකට යත්ම ඇතැමුන් තම වැරදි මගෙහි ඇති අතුරු මාර්ග වලින් නිවැරදි මගකට පිවිසීමනම් සරදමක් වැනිය.
මා මේවන විට ගමන් ගන්නේ නිවැරදි මගකද ? නැතිද ? ගමනාන්තයක් නොපෙණෙන හෙයින් මනස නිතරම විචාරයි.පිළිතුරක් නොදනින නමුත් බුද්දියෙන් තර්ක කොට ලැබෙන පිළිතුර නිහඩව බාරගන්නේ එය සුභදායක හෙයින් බැවු මා දනී.නමුදු ගමනාන්තය කෙරෙහි කුසල අකුසල කර්මයන් ද බලපාන්නේනම් එම පිළිතුර කොතෙකුත් දුරකට සත්‍ය වන්නේදැයි නැවතත් පැනයක් පැන නගී.එයට පිළිතුරක්නම් කිසිවෙකු සතු නොවේයැයි යන්න සක්සුදක් සේ පැහැදිලිය.

කෙසේ නමුත් මා මේ පවසන්නට උත්සහ දරන්නේ එම පැනයට පිළිතුරක්නම් නොවේ.හුදෙක් මාගේ මාර්ගයේ හමු වූ එක් අතුරුමගක් පිළිබද පමණි.අතීතයන්හි මතකයන් සිහිකර ඔබ වෙහෙස කිරීමට අදහසක් නොමැති වුවත් ආ මග පිළිබද මද තොරතුරක් ඔබට රුකුලක් විය හැකි නිසාම එයින් ම ඇරඹීමට මම තීරණය කළෙමි.

කතාවට පිවිසීමට මත්තෙන් මා ජීවත් වන පරිසරය කෙබදුද යන්න ඔබ හට පැවසීමට මා රුචි කරන්නේ පාඨක ඔබට රුකුලක් වනු පිණිස ය.එක්තරා සංස්කෘතික රාමුවකට කොටු වී ඇති සමාජයක සිට මම මේ කතාවට මුල පුරන්නෙමි.සැබවින්ම එම සංස්කෘතික රාමුව හොද හෝ නරක ලෙස වෙන් කර ගැනීමට ද අපහසු වී ඇත්තේ මා ද උපන් දිනයේ සිටම එ තුළම ඇලී සිටි බැවින් විය යුතුය.

කෙසේනමුත් එහි සමහරක් සමාජ සම්මුතියන් තරුණ වියේ පසුවන්නන් හටනම් මහත් වූ හිසරදයකි.කුමක් කරම්ද? සමාජයේ මුල් බැස ඇති මතයන් වෙනස් කිරීමට උත්සහ දැරීමත් මෝඩකමකි.එම සම්මුතියන් අනුවනම් ඔබේ ජීවිතය තීරණය වන්නේ පොත පතේ දැනුම මතය.තවද පෙම්වතෙකු හෝ පෙම්වතියක සිටීම මහත් වූ වැරැද්දකි.විරුද්ධ ලිංගිකයෙකු ආශ්‍රයත් මහත් වූ පැනයන්ට මූලයකි.තවද එම සම්මුතියන්ට අනුව තාක්ෂණය සමග ඉදිරියට යෑම උත්සහ කිරීම අනුවණකමක් ලෙස පිළිගැනේ.එතුළ පුද්ගලයෙකුට තම දක්ෂතා මගින් ඉදිරියට යාම බෙහෙවින්ම අසීරුය.නමුදු මෙය තේරුම් ගැනීමට අපහසු බොහෝ දෙනා පවසන්නේ මෙරට ඉපදීමනම් වාසනාවක් කියාය.එම කියමන කොතෙකුත් දුරට සත්‍යදැයි ඔබම සිතින් සිතාගැනීම අගනේයැයි මම සිතමි.

කතරක අතරමගWhere stories live. Discover now