දෙවන පරිච්ඡේදය

19 3 0
                                    

නියෝජ්‍ය විදුහල්පති ගුරුපියානන්ගේ කාර්‍යයාලයේ මපියා සිටින අයුරු මාහට මැනවින් දිස්විය.සිදුවූ දෙයනම් පැහැදිලිය.මාගේ කෙටිචිත්‍රපට සංස්ථාවට කෙසේවත් ප්‍රියනොවූ පියාණන් ඒ පිළිබද විමසීමට පැමිණ ඇත.ඒ මොහොතේනම් කළ හොද මනාව පස්සෙන් පියමං කරන බැව් වැටහුණි.අගනාම කාරණාවනම් මෙවර කෙටිචිත්‍රපටය සදහා පාසලෙන් අවසර ලබා නොගෙන තිබීමයි.දසුන දැක නිමේෂයකින් මාහටද නියෝජ්‍ය විදුහල්පති ගුරුපියාණන් ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය.මුවගට ආ සියලු මුසාවන් ඇදබෑමෙන් පසු ඉන් පිටතට පැමිණියත් කළයුත්තේ කුමක්ද යන්න වටහාගත නොහැකි විය.පියාණන් පිටව යනතෙක් ආපනශාලාවේ රැදී සිටින විට වෙනත් පාසලක තරගයක් සදහා පිටව යන මිතුරන් පිරිසක් හමු විය.සිතුමන් පහළ වනතෙක් කල් බැලීමටනම් නොහැකිය.මාද බස් රථයට ඔවුන් ආමගම ගොඩ වුණෙමි.සියල්ලන් ම දැන හදුනන්නන් වූවෙන් කිසිත් පැවසීමට කෙනෙකුත් නැත.එනිසා එහි පිහිටෙන් පාසලෙන් පිටවී ගොස් මාසතු වූ බබුබාහිරාදිය අයිතිකරුට භාර දීමට ගියෙමි.වචන වලට පෙරලීම තරන් එය පහසු නොවූයේ දෑත හා දෙවුර පුරා මා චිත්‍රපටයට යොදාගත් දෑ ඔසවාගෙන පාගමනින් ම යාමට සිදුවූ නිසාය.කෙසේනමුත් අවසානයේ ඒවා භාර දී බස් රියක නැගී දියත උයනට පැමිණියේ මා රැගෙන යාමට මිතුරන් පැමිණෙන බැව් දැන්වූ නිසාවෙනි.එහි ගොස් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි අඩ හෝරාවක් පමණ හිදීමෙන් පසු මිතුරන් එහි පැමිණ මා සමග ගමනාන්තය වූ 'ලෙෂර් වර්ල්ඩ්' වෙත පිටත් වූයෙ පෙර කථිකා කරගෙන තිබූ අයුරෙනි.කිසිත් නොවූ පරිදි මිතුරු කැළ සමග සොදුරු දිනයක් ගතකළ පසුව සාමකාමී ලෙස නිවසට ගොඩ වැදුණෙමි.සැබැවින්ම එය අද වනතෙක්ම නිවැසියන්ට දැනගැනීමටනම් හැකියාවක් නොලැබුණි.

ඇතැම් විට කට වහරේ එන වයසේ වැරැද්ද නිසාදෝ එවන් වූ ක්‍රියාවන්ගෙන් අනතුරුව හිතට මහත් වූ ගම්භීර හැගීමක් දැනුනේ විසල් වූ වීරක්‍රියාවක් කළාක් මෙනි.නිසංසලව ගලා යන ගංගාවක පවතින්නා වූ සෞන්දර්‍යාත්මකභාවයට වඩා ගිරි ශිඛර හෙල් බෑවුම් පසුකරමින් ඇදෙන්නා වූ ගංගාවක ඇති  ඒ සෞන්දර්‍යාත්මකභාවය බොහෝ සෙයින් ඉහළ සේම දිවිය ද හුදෙක් ඒකාකාරී නොවී විවිධ වූ අද්දැකීම් සමගින් ඉදිරියට යාම බෙහෙවින් සුන්දර මෙන්ම රසවත් බව සැබැවින්ම මා වටහාගෙන තිබුණි.සමාජයේ ව්‍යවහාරයට අනුවනම් 'ආතල්' එකක් අවධානමක් නොමැති දිවියේ ඵලදායීතාවයක් ද නොපවතී.නමුත් මට සිතෙන පරිදිනම් ජීවිතය යනු ගලා යන්නක් නොව ගලා යැවිය යුත්තකි.එහි අවසානය කුමක්ද යන තීරණය හුදෙක්ම අප සතුය.නමුත් බොහෝ දෙනා එය තම මනසට ධාරණය කර ගන්නෙ බොහෝ සෙයින් පමා වීමෙන් අනතුරුව ය.ඇතැමුන් නම් පවසන්නේ ජීවිතය සරලව ගෙවා දැමිය යුත්තක් බවයි.එහි වැරදි හෝ නිවැරදි වේවා මවිසින් නම් එම රාමුවට කොටු වී සිටීමට අකමැති වූයෙමි.සෑම දෙයක්ම අසීමාන්තිකව ලබා ගැනීමට මා සැබවින් ම රුචි කළෙමි.මන්ද යත් ජීවිතය තුළ දී සීමාවන් නීති රීති ආදිය පනවා ගත යුත්තේ අප විසින් ම බැව් මා තදින් ම විශ්වාස කළ නිසාවෙනි.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 21 ⏰

Add this story to your Library to get notified about new parts!

කතරක අතරමගWhere stories live. Discover now