හැට අටවන පරිච්ඡේදය

35 10 7
                                    

අද එක්සෑම්....මෙච්චර දවසක් මට එක්සෑම් එකට පාඩම් කරන්න ,අරක කරන්න මේක කරන්න ගගා උන්න සයාශ් අයියගෙ ෆෝන් එක ඊයේ රෑ ඉදලා වැඩත් නෑ....අඩුම එයාට එක කෝල් එකක් අරන් මට හොදට ලියන්න කියන්න බැහැද....ඇත්තමයි මට එන තරහා....ඊයේ රෑ මැදක් වෙනකන් combined පාඩම් කරපු මන් දැන් සේරම දමා ගහලා නියපොතුත් හප හප බලා හිටියේ ෆෝන් එක දිහා වෙද්දි අම්මා මගේ බෑග් එකත් අස් කරලා දුන්නා

"ලොකූ....වෙලා යන් නැද්ද පුතේ"

"තව ටිකකින් යනවා අම්මා"

💬 ටිං

මැසේජ් එකක්....මෙච්චර වෙලා බලා උන්න මට එයාගෙන් මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා දැක්කම සතුට ඉහවහා ගියා

💬 My ❤️ Cat

Manika parissamin exam liyala enna mm.sorry call ekak ganna bari unata.Restaurant eke wadakata hadisiye yanna una manika.man ikmanta call ekak gannam hada.exam iwara una gaman gedhara yanna hode.....adarey godaaak mm 😍😘

අනික් පිටට මන් ආය එයාට කෝල් ගත්තත් එයාගෙ ෆෝන් එක රින්ස් ගියත් ආන්සර් කලේ නෑ....ආය මැසෙජ් එකක් දාපු මන් ෆෝන් එක එහෙම්ම ඕෆ් කරන් අඩියට දෙකට අම්මටත් වැදලා බස් එකට දිව්වේ අම්මා හදපු බෑග් එකත් උස්සන්

.
.
.

"නිලා....කෙල කෙල උනා යකො"

චන්දුලයා බෙරිහන් දෙනවා

"කටවහන් යමකෝ....දැන් ඉවරනේ ලියලා"

"ඒකත් හැබෑව....යමන්...ආන් අම්මා ඇවිත් නිලෝ"

අපේ නිලාගෙ අම්මා ඇවිත් ඌව එක්කන් යන්න... ඌ මොනා කරත් උගෙ අම්මා ඌට පණ ඇරලා.....අම්මා ඇවිත් තිබ්බේ ස්කූටියේ වෙද්දි ඌ ඇහැකුත් ගහලා අපිට සැලුටක් දාන් බයික් එකට නැග්ගේ ආන්ටිත් අපිට බායි කියන් යද්දි

"මේ මන් යනවා මචන්ලා "

සරත් සේප් එකේ කෙල්ල එක්ක මාරු වෙද්දි යාලුවෙලා හිටියත් කිසිම හව්හරනක් නැති උන අපි දෙන්නා මූනින් මූන බලාගෙන හිටියා

"විදුවෝ"

"අ"

"ප්‍රශ්නයක්ද"

"නෑ බන්...සයාශ් අයියා වැඩ වගයකට එලියට ගිහින්...එයා බිසී නිසා මට අව්ල් බන්"

"එහෙම තමා බන් වැඩ කරද්දි"

"අහපන්කෝ බන්"

"ආ.."

විදූ.....(ongoing)Where stories live. Discover now