☠️18 පරිච්ඡේදය☠️(Last Chapter)

543 73 18
                                    

රේමන්ඩ් රුද්‍රිගෝගේ මරණය දැනගත්ත ගමන් සාලෙ වාඩිවෙලා හිටපු කොල්ලො පස් දෙනාට දැනුනේ කියලා නිම කරන්න බැරි විදියේ සැනසීමක්.දවස් ගානක් තිස්සේ දුවලා දුවලා අන්තිමටම එයාලා සාර්ථක අවසානයකට ඇවිත් තිබ්බා.මේ වෙනකන් තාම කවුරුවත් මොනවත්ම කතා කරලා නෑ.හැමෝම ඒ තරම්ම හෙම්බත් වෙලා ඉන්නේ.

අනික මෙතන ලොකුම ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ රොවාන්ටයි කෙවින්ටයි.ඇයි ඉතින් දෙන්නම හරියට ඉස්කෝලේ ගියේ නෑනේ.ඒ දෙන්නටම සෑහෙන වැඩ ගොඩක් මඟෑරිලා මේ ටිකට.ඩෙනාශ්ට කියලත් එහෙමට වෙනසක් නෑ.මේ ටිකේම එයාගෙත් ක්ලිනික් එක වහලා,හොස්පිට්ල් එකේ වැඩත් ගොඩ ගැහිලා.

ඔය ඔක්කොටම වඩා ලොකුම ප්‍රශ්නේ වුණේ මීඩියා කාරයන්ගෙන් වගේම සෝෂල් මීඩියා පේජ් කරන ඈයොන්ගෙන් බේරිලා ඉන්න එක.
ඉන්න තරම් ඔක්කොම කට්ටිය කෙවින්ගේ ගෙදර ගේට්ටුව වට කරගෙන,කාටවත් එලියට බහින්නවත් විදියක් නෑ.ඇයි ඉතින් කැමරා ටිකයි,මයික් ටිකයි උස්සගෙන පස්සෙන් පන්නනෝනේ.

කල්පනා ලෝකවල හිටපු පස් දෙනා මේ ලෝකෙට ආවේ රොවාන්ගෙ කෑගැහිල්ලට.

"මල හු#තයිනේ!!"

"මොකද යකෝ කෑගහන්නේ!!?"

"මේධාන් කාරයා තාම අපේ ගබඩා කාමරේ ඇතුළේ නේද?"

"ටසිරි වෙනවනෙ......ඔව්මයි නේ බන්.යමන් බලන්න"

කට්ටිය එක්කම ගේ පිටිපස්සෙ තියන ගබඩා කාමරේට ගියා.
ඉස්සල්ලා කට්ටියම මේධාන්ව ඒකට දාලා වැහුවනේ.

"එහ් මේ සද්දයක්වත් නෑනෙ බන්.මෑන් මලාද දන්නේ නෑ"

"මඟුලක් කියවන්නේ නැතුව ඔය දොර ඇරපන් කෙවිනයා"

"හිටපන් යකෝ යතුර හොයාගන්නකන් මඟුල"

දාන්න පුළුවන් ඔක්කොම වැඩ ටික දාලා යතුරු කැරැල්ලෙන් යතුර හොයාගත්ත කෙවින් දොර ඇරියා.

එයාලා දැක්කේ තාමත් සිහිය නැතුව කාමරේ මුල්ලක වැතිරිලා හිටපු මේධාන්ව.

"යාන්තම් මෑන් ඉන්නවා.මැරිලද බන් ඌ?"

"හිටාම් බලන්න"

එහෙම කියපු කෙවින් මේධාන් ලගට ගිහින් නහටය ඇඟිල්ල තියලා බැලුවා.එයා හුස්ම ගන්නවා.
නමුත් ඒ හුස්ම සෑහෙන්න දුර්වලයි.

 1 1 1 | Completed Where stories live. Discover now