☠️02 පරිච්ඡේදය☠️

700 89 14
                                    

රාත්‍රී කාලය උදා වෙලා මුලු පළාතම අන්ධකාරයේ ගිලිලා තිබුනා.විශාල යකඩ ගේට්ටුව දෙස සිට කැලයෙන් වටවී තිබූ පැරණි පන්නයේ තට්ටු තුනේ නිවස දෙසට හමා ගිය සුළං රැල්ල එයට තවත් මූසල බවක් එක් කරා.දින කිහිපයක් පුරාවටම ඉදලක පහස නොලැබූ ගල් ඇතිරූ මිදුල වියළි කොළ වලින් වැසී ගොස් තිබුණා.නිවසේ දෙවනි මහලේ එක් කාමරයක පමණක් ලා ආලෝකයක් දැල්වුනා.කාමරයට පැමිණි සීතල සුළං රැල්ලක් සමග එක්වරම එතෙක් වෙලා වැඩ කරමින් තිබූ රූපවාහිනිය විසන්ධි වී ගියා.රූපවාහිනිය ඉදිරියෙන් තිබූ විසල් වියන් යහනේ රොවාන් නිදාගෙන සිටියා.ඔහුගේ වම්පස ඇති ඔරලෝසුවේ වෙලාව පාන්දර 1.11 ලෙස සටහන් වුණා.එක්වරම රොවාන් මදක් ගැස්සුනා.ඔව්...ඔහු සිහිනයක් දකිනවා. “විශාල නිදන කාමරයක් තුළ සිටි තරුණයකු ඔහු පිටුපස සිටි තවත් අයකුගේ තල්ලු කිරීමක් නිසා විසි වී ගොස් ඉදිරිපස බිත්තියේ තිබූ තරමක් විශාල සිතුවමේ වැදී බිම ඇද වැටෙනවා.නමුත් ඔහු කෙසේ හෝ වියන් ඇද අල්ලාගෙන නැගිටින්න වෑයම් කරනවා.හිස අතගා බැලූ ඔහුට තම මූණ හරහා රුධිරය ගලා යන වග දැනෙනවා.කෙසේ හෝ ඔහුට නැවත දෙපයින් සිට ගැනීමට හැකි වෙනවා.නමුත් ඒ තත්පර කිහිපයකට පමණයි.පිටුපසින් සිටි නන්නාදුනන තැනැත්තා එල්ල කළ වේගවත් මල් පෝච්චි පහරෙන් තරුණයාව නැවතත් අර සිතුවමේ වැදී බිම ඇද වැටෙනවා. සිතුවම සම්පූර්ණයෙන්ම බිදී යනවා.ඔහුගේ යැයි කිව හැකි ලැප්ටොප් පරිඝනකය, වාර්තා ලියූ කොළ ඔහුගේ දෑස් මධ්‍යයේම අනෙක් පාර්ශවය විසින් ගිනි තබා විනාශ කර දමනවා.ලේ වලින් නැහැවී බිම වැතිරී සිටින තරුණයා එය නවත්වන්න උත්සහ කරනවා.නමුත් ඔහුට ලැබෙන්නේ අර පුද්ගලයාගෙන් ඉතා වේදනාත්මක පා පහරක්.මේ අතර නෙලුම් මල් ලාංඡනය සහිත ගේට්ටුවක්,පාර අයිනක ඇති විශාල නුග ගසක් මෙන්ම මෝටර් රථයක් ජලාශයකට තල්ලු කරනා මිනිසුන් දෙදෙනෙක්වත් සිහිනයෙන් දිස්වෙනවා.” ආහ්හ්හ්....භීතිය පත් රොවාන් එක්වරම නැගිට වෙලාව බැලුවා.පාන්දර 1.11 යි.සිහිනය නිසා තරමක් කම්පනයට පත්ව සිටි රොවාන් සදලුතලය දෙස බැලුවා.පෝය දිනක් වූ එදින පායා තිබූ පිරුණු සදේ ආලෝකය හරි අපූරුවට තිර රෙදි අතරින් කාමරයට ගලා ආවා.මොහොතක් එදෙස බලා සිටි රොවාන්ට යම් අමුත්තක් දැනුනත් එය එතරම් ගනන් නොගත් ඔහු මේසය මත තිබූ වතුර වීදුරුව පානය කර නැවතත් නින්දට වැටුනා.

 1 1 1 | Completed Where stories live. Discover now