CRUSH ❣️ episode 01
✥ හෙලෝ
☐ හෙලෝ කියන්න මීශා
✥ කොහෙද ඉන්නේ අනුරුද්ද අය්යේ?
☐ මං ඉන්නේ බෝඩිමේ. ඇයි මීශා කියන්න...
✥ අය්යේ යොමෙල්ගේ Phone එක තාම offනේ. ඔයා පොඩ්ඩක් බැළුවෙ නැද්ද
☐උබ තාම ඕක ගැන හිතනවද බං. නිකම් බොරු වැඩ කරන්නෙපා නංගී. ඌ උබට කැමතිනම් උබට ඒක කෙලින්ම කියනවා. ඌ කෙල්ලොන්ව රස්තියාදුකරන ජාතියෙ එකෙක් නෙමේ
✥ ඒක හරි අය්යේ. ඒත්.... එයා තාම මුකුත් කිව්වේ නෑනේ. අනික මේ ටිකේම එයාගේ ෆෝන් එක ඕෆ්. මං ක්ලබ් එකටත් ගියා. එතනත් නෑ. අහන්න කෙනෙකුත් නෑනේ. ඒකයි ඔයාගෙන් ඇහුවේ.
☐ නිකම් අනවශ්‍ය වැඩ කරන්නෙපා නංගී. ඌ ගැන අහන්න හොයන්න ගිහින් ඌට නිකම් නමක් හදන්නෙපා. ඌට ඇති කියලා හිතුනම ඌ ෆෝන් එක ඔන් කරාවී. ඔය උගෙ හැටි.
✥ හැටි කියන්නේ අය්යේ.. එයා ඔහොම ඉද්දි අම්මලා තාත්තලා උනත් බය වෙන්නැද්ද.
☐ අනේ අනේ බං... උබ ඌ ගැන මොනාද දන්නේ කියහම්කො. ඔය හැමෝම ලග තියෙන number උගෙ personal එක නෙමේ. උගේ personal නම්බර් එක වෙන එකක්. උබ දන්නවනෙ උගෙයි මගෙයි යාළුකමට අවුරුදු ගානක් කියලා. එහෙම වෙලත් මගෙ ලගවත් උගෙ පර්සනල් එක නෑ. මොකද ඌ ඔය ෆෝන් එක ඕෆ් කරන්නේ හරිම අහම්බෙන් නිසා. අනික ඌ ගැන එහෙම හොයන්න කියලා මං ඇරුනම වෙන කවුරුවත් නෑ. ඌට අම්මා තාත්තා නෑ. ඌට මොකක් හරි ලොකු අවුලක් ප්‍රශ්නයක් ආවම ඌ කරන්නේ ෆෝන් එක ඕෆ් කරලා කොහේහරි යනවා හිත නිදහස් කරගන්න. ඒ උගෙ හැටි. ඒකට මමවත් disturb කරන්නෑ. උබත් ඔය ගැන ඕනවට වඩා හිතන්නැතුව පාඩුවෙ හිටපං මීශා.
✥ ඉතින් මෙච්චර දවස් කල්පනා කරන්න තරම් එයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද අය්යේ. මං එයා ඔහොම ෆෝන් ඕෆ් කරන්න කලින් දවසෙත් දැක්කා එයා ක්ලබ් එකේ ඉන්නවා.
මං කතා කරන්න හැදුවත් එයා ගනම් ගත්තෙවත් නෑ මාව.☐ ප්‍රශ්නෙ ඒක තමා. උබ තමා උගෙ ප්‍රශ්නෙ. ඔහොම බොරුවට පස්සෙන් යන්නෙපා බං. වදයක් වගේනේ එතකොට
✥ ඉතින් අය්යේ මං වැරැද්දක් කලේ නෑනේ. එයා ලස්සන අහිංසක කොල්ලෙක්. ඉතින් කෙල්ලෙක්ට හිත යන එක සාදාරණයිනේ. ඒක නිසා මං එයාගෙන් ඇහුවා. එයා කැමති නෑ කිව්වා. දැන් මං අහන්නේ හේතුව විතරනේ. ඔයාම කියන්න අය්යේ... ඇයි මගෙ ලස්සනේ අඩුවක්ද, සල්ලි ප්‍රශ්නයක්ද, නැත්තම් මගෙ චරිතෙ හොද නැද්ද.... මොකක්ද එයාට අකමැති වෙන්න හේතුව කියන්නකෝ. මං ක්ලබ් ගානේ යන්නෑනේ අය්යේ. HEZ ක්ලබ් එකේ owner අංකල් අපෙ අප්පච්චිගෙ classmate ලා. ඉතින් එයාලා මොනවහරි Organize කලාම අපෙ අප්පච්චිලත් යනවා. එහෙම ඇරුන කොට මං ඕවා අස්සේ රිංගන්නෑනේ අය්යේ. ඇයි කියන්නකො එයා කිසිම හේතුවක් කියන්නැත්තේ මට.
YOU ARE READING
CRUSH ❣️
Romanceහිතන්නවත් පුළුවන්ද නපුරු මාෆියා කාරයෙක්, අහිංසක පොලිස් කොල්ලෙක් වෙනුවෙන් ජීවිතේම කැප කරාවී කියලා.? ඒකත් එයාලා කලින් හොදම යාළුවො උනත් දැන් පේන්නම බැරි හතුරෝ වෙලා තියෙද්දී😌... මේක එහෙම කතාවක්. CRUSH ❣️