CRUSH ❣️ episode 03

6 1 0
                                    

CRUSH ❣️ episode 03

යොමා එළිය මොකක්ද කියලා බලන්න බෙල්ල දික් කරාමයි දැක්කේ තිරූයි රාජුයි කෑමත් අරගෙන පල්ලම් බහිනවා. ඒ සනික ගොඩට පැනලා යොමා ට්‍රවල් එක ඇදගත්තේ නැත්තම් තිරූගේ ඉස්සරහා සායමම දිය වෙන නිසා.

⚝ අපෝ මාතියා තාම නානොනේ.

⫷ ආ ඔව් තීරූ. වෙලාව යනවා දැනුන්නෑ.

⚝ සරි සරි. වාංග සාප්පිට්ටු කාත්තිරංගල්.

⫷ මොනාද තියෙන්නෙ තිරූ.

⚝ මමත් දන්නෑ මාතියෝ. මන්න මයා තමා බත් එක බැන්දෙ.

⫷ මොනාද රාජු තියෙන්නේ.

⚘ මහත්තයා කැමති දේවල් තමා.

⫷ හ්ම්ම් හ්ම්ම්... කමු කමු එහෙනම්. තිරූලා කාලද ආවෙ.

⚝ ඔව් මාත්තියෝ. මාත්තයා කන්න. මමත් යන්නෝන. නෝනයි දුවයි තනියම.

⫷ හරි තිරූ. එහෙනම් පරිස්සමෙන් ගිහින් කෝල් එකක් ගන්නකෝ. රාජු ඉන්නවා නේ.

යොමා තිරූ එක්ක කතා කරලා ආපස්සට රාජුගෙ පැත්ත හැරිලා රාජු ඉන්නව නේද කියලා ඇහුවෙ කිසිම හැගීමක් නැති මූනකින්

⚘ ඔව් මං ඉන්නවා මහත්තයා.

වෙනදා වගේම රාජු යොමා එක්ක ටෙන්ට් එකේ නැවතුනා. තිරූ කැම එකයි කොට්ට දෙකකුයි ලොකු ටියුබ් ලයිට් එකක් තියෙන ටෝච් එකකුයි ගෙනත් තිබ්බෙ හැම වාරෙකම යොමාට ඒ ටික තිරූ ගේන නිසා. මොකද ඒ දේවල් යොමාම තමා ගෙනල්ල තිරූලගෙ ගෙදරින් තියලා තිබ්බෙ.

යොමාත් රාජුට කියලා ටෙන්ට් එක ඇතුලේ තිබ්බ බෑග් එකෙන් යොමාගෙ ඇදුමක් ඉල්ලගෙ රාජුගෙ ඉස්සරම ඇදගත්තේ යට කලිසමත් එහෙම්මම ගලවලා. ඇත්තටම යොමා එහෙම කරන කෙනෙක් නෙමේ. ඒත් යොමාට රාජුගෙන් හංගන්න දෙයක් නැති තරම්. ඒ වගේ දෙයක් එයාලගෙ අතර තිබ්බා. අපි බලමු ඒක මොන වගේ බැඳීමක්ද කියලා.

⚘ පොඩ්ඩක්වත් ලැජ්ජාවක් නෑ නේද.

⫷ ඇයි

⚘ මගෙ ඉස්සරහම ගලවලා දාලා ඇදුම් ඇදගත්තේ.

ටිකක් විතර තලෙලු රාජුගෙ කම්මුලුත් රතු වෙලා යොමා ඒ කරපු දේට. කොහොමත් රෝස පාට රාජුගෙ තොල් දැන්නම් ලේ පිරිලා කියලා හොදට පේනවා.

CRUSH ❣️ Where stories live. Discover now