එහෙම්මම ටිකක් වෙලා කල්පනා කර කර ඉදපු යොමාට දන්නෙම නැතුව ඉන්ද ගිහින් තිබ්බත් යොමා ගැස්සිලා ඇහැරුනේ එක පාරටම වහින්න ගත්ත නිසා.
ඇත්තටම වහිනවා නෙමේ, යොමාගේ යාළුවෝ සෙට් එක ඇවිල්ලා යොමාට වතුර ස්ප්‍රේ කරනවා.
මුන්නම අපාය සහයක අතිජාත මිත්‍රයෝ. යොමා එහෙම හිත හිත උන්ටත් බැන බැන ඇහැරුනා.කොච්චර වලි දා ගත්තත් රණ්ඩු උනත් මේ සෙට් එකම ඉස්කෝලේ යන කාලේ ඉදම්ම හොද යාළුවෝ. ඇත්තටම අනිත් අයනම් හැමෝම හොදම යාළුවෝ. ඒ සෙට් එකත් එක්ක ඉදියට කවදාවත් යොමා කිසිම කෙනෙක්ව හොදම යාළුවෙක් කියලා විශ්වාස කලේ නෑ.
⫷ තොපිත් පුදුමාකාර දස වද දෙන්නේ අප්පා.
⚝ ඈ වලත්ත බල්ලෝ... අපිට එන්න කියලා තෝ පුකත් උඩ දාගෙන නිදාගත්තම හරිද.
තරින්දයි යොමයි දැන්මම එයාලගෙ මිත්‍ර භාශාවෙන් වලිය පටන් ගන්නයි යන්නේ. ඒ අස්සේ විරුලයා ගිහින් යොමාගේ පෆියුම් ටික ගහනවා.
⫷ එහෙමයි කියලා වතුර නාවන්නෝනද වේ සා වෝ.
⚝ අනේ තොට කී පාරක් කතා කලාද. අලියෙක් කුන්චනාද කරත් උබ ඇහැරෙයිද බල්ලෝ. ආ නැද්ද කියපංකෝ විරුලයා.
තරින්දක විරුලවත් වලියට ඇදගන්න බලාපොරොත්තුවෙන් එහෙම කිව්වේ ඇදේ ඉදන්ම විරුල දිහා හැරිලා.
⚝ අලියෙක් කුන්චනාද නෙමේ බං අලියා ඇවිල්ලා මූව උස්සලා පොලේ ගැහුවත් පොඩ්ඩන් නිදාගෙන නැගිටින්නම් කියයි.
ඒකටනම් තුන් දෙනාටම හිනා ගියා. ඇත්තටම මේ යාළුවෝ සෙට් එකනම් මහ පුදුමාකාර යාළුවෝ ටිකක්. සෙට් එකේ පහක් හිටියා. එක්කෙනෙක්නම් අනිත් අයත් එක්ක සම්බන්දකම් තියාගත්තට යොමා එක්ක වචනයක්වත් කතා කරන්න තියා යොමාට පේන්නවත් එන්නෑ.
⫷ කෝ දැන් මහ ප කයා.
⚝ ඌ ගියා කාර් එකේ රෝදෙට හුලං ගහං එන්න.
⫷ උගේ බරයි, ඌ කාර් එකට දෙන වදෙයි එක්ක ඕකේ හුලං දවසගානේ ගනන්නෝන.
යොමා මේ ඇහුවේ එයාලගෙ අතිජාත අනිත් මිත්‍රයා රන්දිල් එහෙමත් නැත්තම් රනා ගැන. මේ තුන් දෙනාම එකම වයසෙ උනත් රන්දිල් එයාලට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒත් මොන්ටිසෝරි යන කාලේ වැඩිපුර අවුරුද්දක් ඉදපු නිසා ඌ හිටියෙත් යොමාලගෙ ක්ලාස් වලමයි.
YOU ARE READING
CRUSH ❣️
Romanceහිතන්නවත් පුළුවන්ද නපුරු මාෆියා කාරයෙක්, අහිංසක පොලිස් කොල්ලෙක් වෙනුවෙන් ජීවිතේම කැප කරාවී කියලා.? ඒකත් එයාලා කලින් හොදම යාළුවො උනත් දැන් පේන්නම බැරි හතුරෝ වෙලා තියෙද්දී😌... මේක එහෙම කතාවක්. CRUSH ❣️