"මිතුන්,තමුසෙට මං ආයෙ කියන්නෑ..ඔය මදාවි ටික ආශ්රය කරන එක දැංවත් නවත්තපන්..කෙලවගෙන මං ලගට විතරක් එන්ඩ එපා තෝ"
යකො මේක මාර කෙලියක්නෙ..මූට පුදුම ඇම්මක්නෙ තියෙන්නෙ මං ගැන.
"මේ කුසල් අයියෙ මේ උපදෙස් නම් දීගන එන්ඩ එපා ඈ..මට දැං 18 පැනලනෙ..මං ගැන මම බලාගන්නම්.."
"අනේ තෝ මගෙන් අහගන්ඩ එපා හොඳ පදෙන්..අද මොකා එක්ක ගිහින්ද උතුර දකුණ මාරු කරං ආවෙ ආ..උබ උබ ගැන බලාගන්ඩ යන්නෙ ඉන්ඩ තැනක්වත් ජොබ් එකක්වත් නැතුවද ආ?"
"උබේ අම්මල උබට බූදලේම ලියල තියල මැරිල ගියාට මගෙ අම්ම අප්ප මොකාද කියලවත් මම දන්නෑ යකො..ජොබ් එකක්..ඇයි උබටත් අර ගෑනිට වගේ මාව තියාගෙන හිටිය ඇතිද දැං..අයියා අනේ පලයං බොරුවට ඉන්නෙ නම් වෙන එකෙක් නෑ වගෙ...උබල ඔක්කොගෙම බොරුව විතරයි..මම කොහෙ ගියත් අනාථයම තමයි"
මිතුන්ගෙ ඇස් අගින් කඳුලක් වැටුනේ තමන් ගැනම ඉපදුන කම්පාව නිසා වෙන්න ඕනි..අයිය කෙනෙක් කොහොමද මල්ලි අඬනව බලන් ඉන්නෙ..පිරිමින්ට තිබ්බෙත් හිතක් උනාට සමාජෙ උන්ගෙ හැඟීම් පිටට දාන්ඩ බැරි වෙන්ඩ වැට බැඳලා මායිම් ලකුණු කරල ඉවරයි..ඉතින් නියම පිරිමියෙක් නම් පේන්ඩ අඬන්නෑ.. ඒකමත් නෙවෙයි නියම තියරිය පිරිමි කවදාවත් අඬන්නෑ ... ගෑනු පිරිමි කියල මහ වෙනසක් නෑ..කාන්තාවන් වෙනුවෙන් කියලා නැගී සිටිනවයි කියන පිරිමි ම තමයි උන්ව අන්තෙටම වට්ටලා නන්නත්තාර කරල යන්නෙ..කාන්තා හඬ කියල බොරුවට බෙරිහන් දෙන ගෑනු තමයි ගෑනුන්ටම කපල යන්නෙ.. ඔය හැමදේකින්ම ඉගනගන්ඩ තියෙන්නෙ හැම කෙනෙක්ම ඕනෙම දෙයක් කරන්නෙ තමන්ට පොඩි හරි වාසියක් තියෙනව නම් විතරයි කියන එක..දැං කියයි අනේ අපි නම් එහෙම නෑ කියල..ඔයාලට සතුටක් ලැබෙනව කියන්නෙත් වාසියක් තමයි..ඒ වාසිය අනික් කෙනාට කොයි තරම් හානිදායකද කියන දේ මත තමයි හැම දේම රැඳෙන්නෙ..හ්ම්.. කලකිරෙනව මේලෝකෙ ගැන.. ඇත්තටම මිතුන් වගේ කී දෙනෙක් ඇද්ද මේ ලෝකෙ.. කුසල් කොයි තරම් බැන්නත් වාවන්නෑ මේ කොල්ලා මෙහෙම නාස්ති වෙන එක..සයිකොලොජිවලින් ඩිග්රියකුත් අරං ජොබ් එකට යන්ඩ තියෙන වියදම් දැක්කම ඒක එතනම අතෑරියා.. මෙ ලෝකෙ හැම දේම තීරණය වෙන්නෙ සල්ලි උඩ නෙවෙයි කිව්වට අද වෙද්දි සල්ලි නැත්තං මොකුත් කරන්න බැරි තැනටම වැටිලා ඉවරයි!මට පුලුවන් විදිහකට මූව ගොඩ දානව ඇරෙන්න ලෝකෙම වෙනස් කරන්න මේ තනි මට බෑනෙ...අවසානෙ කුසල් හිතුවෙ එහෙම..
Next day morning
"මිතුන් තමුසෙ ඊයෙ මොන දීපන්කරේද මකබෑවුනේ"
"අයියා මම සුරේෂ් එක්ක යාලුවෙක් හම්බෙන්ඩ ගියෙ"
අලුත් කතාවක්...
To be continue ......by Uw
YOU ARE READING
☙𝓶𝓪𝓰𝓮𝓭𝓪☙↬මගේද↫(𝑜𝓃𝑔𝑜𝒾𝓃𝑔)
Nonfiksiජීවිතේ සල්ලිමද?නිර්වචන ඕනෙ තරම්..පිළිගන්නෙ කොයි මතේද???ආදරේ...බලෙන් ලැබෙයිද??සල්ලියි ආදරෙයි අතර ගැප් එක???හැඟීම් කියන්නෙ සෙල්ලමට සුදුසු දෙයක් නෙවෙයි...ඉතින් අපි ඉවසමු...මිතුන්ගේ ජීවිතයේ දෝලනයන්...