🤍🕊️02🤍🕊️

4 3 12
                                    

"ඉදගනියව් හෙඩා එනවා...." දඩබඩාස් 💥💥💥💥

නුවර ප්‍රධාන පෙලේ තරගකාරී පාසලක හෙඩ් ප්‍රිෆෙක්ට් වෙනවා කියන එක ලේසි නෑ....ප්‍රධාන පෙලේ නෙවෙයි ඉතිං ඕනෙම ඉස්කෝලේක...වෙන හෙඩ්ලා වගේ හැම නිතරම කෑගැහුවෙ නැති උනාට මොකද නාදිව් අශ්වින් කියන්නේ කවුද කියලා ඉස්කෝලේ ළමයි වගේම ගුරුවරු දැනගෙන හිටියා...දුන්න පමණින්,කිව්ව පමණින් දෙයක් පිළිගන්න ළමයි හිටියත් නාහෙට නාහෙන උන් ටිකක් හිටියේ නැතුවමත් නෙවෙයි....එහෙම ඉන්නත් එපැයි....

විනය භාර සර් ඇවිත් කිව්වම අපි සෙට් එකම මේ යන්නේ 11 වසර සෙක්ශන් පැත්තට...උදේ රැස්වීමෙන් පස්සේ පලවෙනි පීරියඩ් එක භාගයක් යද්දි 11 වසරේ ළමයින්ට පලවෙනි පීරියඩ් එකේ උගන්නමින් හිටපු ගුරුවරුන්ට හදිසි කැදවීමක් කාර්‍යාලයෙන් කරද්දි හැමෝම එහෙට ගියේ ළමයින්ට වැඩක් දිලා උනත් මුන් ඒවා තඹ දොයිතුවට මායිම් නොකර වෙන සෙක්ශන් වලටත් වැඩක් කරන්න නොදියි මේ කෑගහන්නේ....ඉතිං මං එනවා දකිද්දිම බජව්වක් දාගෙන හිටපු උන් ඩෙස්ක් පුටු පෙරලන් දිව්වෙ අපෙ උන්ටත් අමුතු ගැම්මක් එතකොට ඇවිත් තියෙද්දි

"මොනවද උබලට තියෙන්නේ" 

"..............................."

"තොපෙ කටවල් නැද්ද යකෝ,දැන් මෙතන උඩ දාගෙන බජව් දදානේ හිටියේ" 

තෙව්ජ සද්දෙන් ඇහුවත් එකෙක්වත් මීක් නොකිව්වේ උන්ට නෙවෙයි කතා කරන්නේ වගේ...කොහොමත් මට කලින් අපෙ එකෙක් ඉස්සර වෙන්නේ මං කතා කරන්න ගියොත් අනිවාරෙන් එකෙක්වත් අඩුම ගානේ ගුටිකන හින්දයි,ඉතිං තෙව්ජව පස්සට කරපු මම කතා කරන්න ගත්තේ එකා දෙන්නා හොරැහින් ඔලු ගෙඩි උස්ස උස්ස බලන්න ගනිද්දියි

කොහොමත් මට කලින් අපෙ එකෙක් ඉස්සර වෙන්නේ මං කතා කරන්න ගියොත් අනිවාරෙන් එකෙක්වත් අඩුම ගානේ ගුටිකන හින්දයි,ඉතිං තෙව්ජව පස්සට කරපු මම කතා කරන්න ගත්තේ එකා දෙන්නා හොරැහින් ඔලු ගෙඩි උස්ස උස්ස බලන්න ගනිද්දියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ධෘනුවි Where stories live. Discover now