වසර විසි තුනකට පෙර
ස්පෝර්ට් මීට් එක අද.ලමයි හැමෝම වගෙ හිටියේ එක එක වැඩ එක්ක බිසී වෙලා.මම වගේම සිදුත් එහෙමයි.සිදූනම් උදේ ඉදන් බෑන්ඩ් එකේ අඩුපාඩු හොයනවා.මම මම ග්‍රවුන්ඩ් එකට වෙලා එක එකාගේ ඇද හොයනවා.මාර වැඩ තමා මෙව්ව.මරු ටොප් බෝඩ් එක උන් උදේ ඉදන් ඇහැටවත් දැක්කේ නෑ.අන්තිමේදි කොහොමහරි ස්පෝර්ට් මීට් පටන් ගත්තා.ඉස්කෝලේ වෙස්ටර්න් බෑන්ඩ් එක තමා guests ලව පිලිගන්න පෙරමුන ගත්තේ.උන්ගේ හෙන ලයින් තියෙන්නේ.මැස්ස ලගින් හොස්ස යන්න බෑ...නෑ..නෑ...වැරදුනා...හොස්ස ලගින් මැස්සෙක්ටවත් යන්න බෑ.ලොකු ලයින්.සිදූගෙත් සමහරක් වෙලාවට එහෙමයි.ඒ වෙලාවට බඩ පුම්බලා උඩ අරින්න හිතෙනවා.ඒත් බෑනේ මොනා නැතත් මගේ ලෞ එකනේ ඒ...
ඉස්කෝලේ සීනියර් වෙස්ටර්න් බෑන්ඩ් එක...එයා ඒ කිට් එකට මාර විදියට කැපිලා පෙනුන.හැන්ඩ්සම් ඇන්ඩ් කියුට් එච්චරයි.මොනා උනත් මගේනේ...එයාලා ග්‍රවුන්ඩ් එකට ඇවිත් ලයින් අප් උනාම ජාතික ගීය කියලා ස්පෝර්ට් මීට් එකේ ආරම්භය සනිටුහන් කලා.
" මේහ් අර ඇතීනට ඉන්න කෙල්ල ලස්සනයි බං."
" ම්ම්..."
" මොකෝ "
" නැහ්.."
" ඇයි උබට දාගන්න ආස හිතුනද."
" පලයන් හු# මං කෙල්ලොන්ට කැමති නෑ..."
" ඒ මොන හරුපයක්ද ප# ඒ කිව්වේ.දැන් කිව්ව එකේ තේරුම.ඒ කියන්නේ උබට කොල්ලෙක් ඉන්නවා.ඒකද උබ කියන්නෙ."
" ඇයි උබට අප්පිරියද සාරන්‍ය "
" පිස්සු කියන්නැතුව ඉදහම් බං.උබ මගේ යාලුවා.උබ කැමති වෙන්නෝනි මං කියන එකාටව්ත් එකීටවත් නෙමේනෙ."
" හූම්ම්ම්..."
" අන්න අරූ එනවා."
එතකොට තමා මමත් දැක්කේ තාමත් බෑන්ඩ් එකේ ඇදුමෙන්ම ග්‍රවුන්ඩ් එකවටේ කැරකෙන එයාව.හෙහ්...හෙන කියුට් අප්පා.මගේනේ....
" මේහ් නැද්ද.."
" මොනාද.."
" අරවා.."
" මොනාද චිරායු මූ කියවන්නේ."
" අර සුදු පාට එව්වා.කොස් කොස්.අනේ."