කාකි පාට ඇදලා සිල්වර් පාටින් ලාංඡනයක් ගහපු තොප්පියක් දාගත්ත කඩවසම් කියන්න පුලුවන් කොල්ලෙක් ආයු ගාවින් ඇවිත් වාඩි උනේ අර ඔලුවේ දාගෙන ඉදපු තොප්පිය ගලවලා මේසේ උඩින් තියලා." ගොඩක් වෙලාද ඇවිත්.? "
" නැහැ දැන් ආවේ."
" ආරංචියි සාරන්‍ය ලංකාවට ආවා කියලා.ලමයි එක්ක.."
" ම්ම්..."
" උබ තාම කොල්ලව හොයනවද.?"
" ...."
" මට ස්ටේශන් එකට යන්න ඕනි බං.උබ ඊයෙත් මාව හම්බෙන්න කියලා අර මුඩුක්කුව අස්සේ රිංගලා.එහේ යන්න එපා බං එහේ ඉන්නේ හොද උන් නෙමේ."
" එතකොට උබත් එහෙමද.? "
" කොහොමද ? "
" නෑ දැන් අර හොද නෑ කියපු එකෙක්ද."
" පේනවද එහෙම.? "
ඒපාර ආයු ඔලුව දෙපැත්තට වැනුවේ හිනාවෙවී නෑ කියලා.
" මං හිතුවේ ඇතුලේ හිටියේ උබ කියලා."
" යකෝ උබ මේ අයියා ගැන ඔහොමත් හිතනවා.සැක්."
" ඉතින් මං දන්න්වෑ උබ ගියේ මිශන් එකකට කියලා. "
" මං සල්ලී නැතුව පාරට වැටුනත් ඔයවගේ තුප්ප වැඩ කරන්නේ නෑ බං.ස්ථීර සතුටක් තියාගෙන මොකද තාවකාලික සතුටවල් පස්සේ යන්නේ."
" වහ් උබට කෙල්ලෙක් ඉන්නවැයි යකෝ අයියේ හිටියේ කොහොමද ජීවිතේට කෙල්ලො එපා වගේ.ඒත් ඉන්නේ කොහොමද සත්‍ය ප්‍රේමයේ බුංගරාජයා වගේ.."
" එහෙමතමා කාලේ වෙනස් වෙනවා.අපි වෙනස් වෙනව."
" ඒත් මතක වෙනස් වෙලා නෑ බං අයියේ.ඒවා අලුත් වෙනවා මිසක්.."
" උබ ඔච්චර විදවන්න එපා බං කොල්ලා පරිස්සමෙන් ඉන්න්වා ඇති....කොහෙහරි.."
" කෝ උබේ අම්මා තාත්තා ඉන්නවද හොදින්.."
" අහ් ඉන්නවා ඉන්නවා."
" අයියේ..මේහ්.."
එහෙම කියලා ආයූ එයාගේ පෝන් එකෙ තිබ්බ හීනි දිග ඇස් තියෙන හුරතල් පාට කොල්ලෙක්ගේ පොටෝ එකක් පෙන්නුවා..
" මල්ලී..!! එයා ද මේ..එයා ඉන්නවද."
" මේ එයා නෙමේ. ඒත් කොල්ලට තියෙන්නෙ සිදූගේ මූනමයි ඒ ඇස් මයි..."