1. පරිච්ඡේදය

13 3 1
                                    


"ඒෂි ... Hey, sorry අනේ. මං ටිකක් late උනා නේද.. ස්ස්... Sorry ඇහ්. Oh my god! අපි 7.00 වෙද්දී එන්න නේද plan කරේ? "

" කමක් නෑ සංජු. මාත් මේ දැන් ටිකකට කලින් ආවේ. මොකද... මං දන්නවනේ මගේ යාළුවා වෙලාවටම වැඩ කරන කෙනා කියලා. එක හන්ද මමත් විනාඩි පහලවක් විතර පරක්කු උනා. "

එශ්වරී, එහෙමත් නැත්තම් එශ්වරී වර්ණකුලසුරිය කියන්නේ වචනයෙන් පරිසමාප්තයෙන්ම ඓශ්වර්යා වගේම රූපයක් තමා. අවුරුදු 19 ක කෙල්ලෙක්. ලස්සන ඇස්, ලස්සන wavy කොණ්ඩේ ඉනෙනුත් පහළට, පෙනුමෙ හැටියට height එකත් මාරම ලස්සනයි. තලෙලු පාටට වඩා ටිකක් ළා පාටයි. ලස්සනට ඇඳලා කරලා ඉන්න ගෑල්ලමෙක්. Upper middle class family එකක කෙල්ලෙක් ගැන හිතනවා නම්, එශ්වරී කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්.

"මේහ්! මොනාද බොන්නේ cappuccino එකක්? "

" හහ්. මං නොදන්නවා ඒ මගේ යාළුවා ගැන. මං ආපු ගමන්ම cappuccino දෙකක් order කරා. අහ්.. අර කිව්වත් වගේම එනවා කැපු කැපු කැපුචිනෝ "

දෙන්නගේ තිබහ සංසිදෙන්න කවදත් පුරුදු අමුර්තේ ලැබුනා ඕං. කැපුචිනෝ කියද්දී ටිකක් හිරිකිතයිත් වගෙ හැබැයි.

" ශානිකා aunty ලා ඔයාව drop කරලා ගියාද? කොහෙද මන්ද party එකක් කිව්වේ?"

" ඔව් අනේ. ගන්න එන්න ඕනේ වෙලාවට call එකක් දෙන්න කිව්වා. ඉතින් ඉතින්, ඒ මේ. ඔන්න මං next week එකේ ඉදන් combined maths class එකට එනවා.වූ හූ...."

ඒෂි ඉපදුනේ 2006 ජනවාරි මාසේ. ඒක නිසා එයාට කලින් batch එකත් එක්ක ඉගෙන ගන්න අවස්ථාව ලැබුනා. කොටින්ම ඒෂි ට දැන් 18 ක්‌.

දෙන්නත් එක්ක ඉන්නේ කොළඹ තරු පහේ හෝටලේක cafe එකේ. සල්ලි බාගේ ඇති උදවිය නේ ඉතින්. කයිය ගහන්න දෙන්නා සෙට් උනේ මෙතන. තද නිල් පාට උරපටි තියෙන දිග ගවුමක් ඇදන් silver chunky hoops දෙකකුත් කන් වල එල්ලගෙන ඉන්න ඒෂි ගේ ඉස්සරහ ඉන්න සංජු, දනිස්ස හරියට දිග අත් කොට කහ පාට ගවුමට කහ කිරිල්ලියෙක් වගේ. ඇස් වහක් කට වහක් නෑ කටත් ඒ වගේම තමා. බෙල්ලේ එල්ලී එල්ලී තිබ්බ රත්තරන් මාලේ එයාගේ පෙනුම තවත් ටිකක් වැඩි කරා. සංජනා කියන්නෙත් හරි ලස්සන කෙල්ලෙක්.

" මට එත් ඔයාට කියන්න බැරි උනා මං අර bags දෙක online order කරා අපි දෙන්නට. ඒක- "

The Ultimate Agreement - අවසන් ගිවිසුම ✔️Where stories live. Discover now