කෙල්ලන්ටත් බැන බැන party ත් කාලා කබර පන්තියේ තලගොයි දෙන්නගෙන් සද්ධන්ත කබර ජෙෆ් මහ පාන්දර ගෙදර ඇවිත් තියෙන්නේ ලෙලිත් නැති තරිඳුවාව උගේ ගෙදරටත් තල්ලු කරන්. ඔව්, අප්පගේ නීතියක් තියෙනවනේ, වාහන තියෙන එකා නැති එකවත් ඇදන් යන්ඩෝනේ කියල. ඊටත් පස්සේ ගෙදර ගිහින් ජෙෆ් ශෝටක් ගහගෙන ඇඳට වැටුනා විතරයි මතක.
මොකෙද්ද මන්ද කාමරේ දොරට ඇරපු අතේ තඩිබානවා.
" පොඩි බේබි... පොඩි බේබි... හයයි කාලයි වෙලාව. අද යන්න ඕන නේද? ඉක්මනට එන්න බේබි "
නැට්ට පාගගෙන මේ කෑ ගහන්නේ ඉනෝකා ඇන්ටි. Spencer පවුලේ කෑම බීම හදන්නේ මෙයා. ගෙදර ඒ වගේ වැඩට බලකායේ තව දෙන්නෙක් ඉන්නවා. සේන අන්කල් වත්ත බලගද්දී ගේ අස්පස් කරන්නේ කාන්ති ඇන්ටි.
" ආ..... එන්නම් එන්නම්. අ... අයියෝ "
පැය දෙකාමාරක් විතර නින්ද හම්බෙච්ච ජෙෆ් ගැස්සිලා ඇහැරිලා ඉනෝකා ඇන්ටි ට උත්තර දුන්නේ ගංජා අතක් ගහල වගේ. දැන් පලකො ඉස්කෝලේ.
ජෙෆ් ගේ bed room එක හරිම ලස්සනයි. මිල අධික ඇඳ, අල්මාරි, කන්නාඩිමේසේ. King bed එකක් තමා මේ තනි එකාට තියෙන්නේ. Beige පාට තිර රෙදි. අඟල් 52' තඩි tv ලෑල්ල ඇඳ කෙලින්ම බිත්තියේ ඇලවිලා තියෙනවා. ඇඳට උඩින් තියෙන වැලමිට ළගට නවපු shirt එක ඇඳගෙන, උඩ බොත්තම් දෙකත් ගලවගෙන, මාර සරාගී බැල්මක් දාන් ඉන්න ජෙෆ් ගෙ black and white photo එක කැරම් බෝඩ් එකකට වඩා ටිකක් ලොකුයි. ඒ විතරක්ද AC room එක, හුම්.
හැමදාම මේ room එක පිළිවෙලයි. නෑ නෑ. එකෙන් කියන්නේ ජෙෆ් පිළිවෙලට එයාගේ room එක තියෙන් ඉන්නවා කියල නම් නෙමෙයි. කාන්ති ඇන්ටි දවසට දෙපාරක් විතර මේක අස් කරනවා. එත් මේ බ්රහස්පතින්දා පාන්දර නම් කලින් දවසේ රෑ යම්කිසිවෙක් රස්තියාදු ගහල ඇවිල්ල room එක සතර අපායේ ටිකට් කඩන කවුන්ටරේ වගේ කරලා තියෙන්නේ. Phone එකෙන් වෙලාවත් බලාගෙන එකත් අතට අරන් අවා ඔන්න එලියට.
කොණ්ඩෙත් අවුල් කරගෙන ශෝටකින් විතරක් සැහීමකට පත් වෙලා ඉන්න ජෙෆ් පඩිපෙලෙන් එක තට්ටුවක් බැහැල ඉවර වෙද්දීම මූණට හම්බ උනේ ජෙෆ්ගේ mug එකත් අතේ තියාගෙන එන ඉනෝකා ඇන්ටිව.ආයෙම ගිහින් කෝප්පේ ගෙන්න. ම්ම්ම්... කිරි කෝපි. ජෙෆ් ගෙ favourite.
ESTÁS LEYENDO
The Ultimate Agreement - අවසන් ගිවිසුම ✔️
Romance' කෙල්ලෝ කැමති ගිටාර් ගහන කොල්ලන්ට. කොල්ලෝ කැමති කැමති ගිටාර් වගේ හැඩ කෙල්ලන්ට '