මේසේ අතිසාර්ථක ලෙස බුද්ධි හීනතාව සහිත කණ්ඩායම පළමු පරිච්ඡේද හතර කා දැමූ වග සාඩම්බරයෙන් දැනුම් දෙමු. Interval ලබා දීමට bell එකද හඬ නැගූ බව ඉතා කැමැත්තෙන් දැනුම් දෙමු.
" අඩෝ අද මං ගේනවා ඉඳිආප්ප "
" මං ගේනවා බං friend rice "
මරු නෙ බං.
මහා ප්‍රජාවෙන් ප්‍රථම සේනාංක පේළේ විද්දායි සහන්උයි කෑම මුල් ගෙදරින් ගෙනල්ල කාලෙකට පස්සේ. අනිත් උන් සල්ලි ගෙනල්ල තියෙන්නේ canteen පිහිටෙන් බොක්ක පුරව ගන්න. අද කාලේ එවුන් ඉතින් ගෙවල් වලින් කෑම ගේන්නේ නැතිම තරම්නේ.
Bell එක ගහපු පමාවට හය දෙනාම එක මේසෙකට වට උනා. ඉඩත් නෑ යකෝ, රෙද්ද. ඉඳිආප්ප මුල මුලින්ම දිග අරින්න තීරණේ කලේ ජෙෆ්.
" ඉඳහං ඉඳහං... අදවත් පිළිවෙලට කාපල්ලා. බල්ලෝ වගේ කන්නැතුව "
" කෝ ඉන්න ඉඳිආප්ප ටික වෙන් කරනකම් "
" හොදි දානකන් හිටපන් යකෝ. උඹ උදුරනවනේ ඉඳිආප්පේ "
" අයියෝ ඕයි. මොන පරයෙක්ද උඹ කන්න ගත්ත නේ "
" මස් කෑල්ලක් ගනිම්. කට්ට මගේ "
" පරිප්පු දාපන් වටේටම අම්මටසිරි වෙන්න "
එකම කාලගෝට්ටියයි. කන්න තමා මේ පොරකන්නේ. මුල ඇරිය විතරයි බඩු left. හෝව් හෝව් rice එකක් තියේ කන්න. එකේ බිත්තරේ කව්රු හරි අත දාල ගත්ත. එත් දැන් ගත්ත එකෙක් නෑ. ඕක ගිලගන්නත් කොල්ලෝ ටිකට තප්පර 10 ක් වගේ ගියේ. වාර්තාවක් වගේ තමා.
කෑම කියන ලෝක ප්‍රසිද්ධ ආගම ගැඹුරින් අදහන බැතිමත්තු canteen එකට කවදත් යනවා. සල්ලි ගේන උන්ගෙන් ඒවා එකතු කර ගත්තම දවසට කොහොමත් 950 ක් වගේ පනින්න එකතු වෙනවා. පුරුදු rice and curry එකයි, බොන්න මොනා හරියි අරගෙන ඉතුරු වෙන සල්ලි නිල ලත් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ සාක්කුවේ තියෙන්නේ ඉස්කෝලේ ඉවර උනාම කඩචෝරු ගන්න. අගෙයි නෙහ්.
ඔන්න ඉතින් chemistry period ටිකත් ඉවර උනා 1.30 වෙද්දී. හරේ... ඉස්කෝලේ ඉවරයි. දැන්? දැන් මොකෝ? දැන් class. මොන? Combined maths. කීයටද? 4.00 ට. කොහොමද යන්නේ? ම්... Bus එකේ තමා. ආයේ ගෙදර යන්නේ? අබේරත්න uncle එනවා ජෙෆ් ව ගන්න. නිලූ ගෙ තාත්තාත් එනවා ඒගොල්ලොන්ගේ වාහනේ. කට්ටිය පැටවිල යනවා ඉතින්.
YOU ARE READING
The Ultimate Agreement - අවසන් ගිවිසුම ✔️
Romance' කෙල්ලෝ කැමති ගිටාර් ගහන කොල්ලන්ට. කොල්ලෝ කැමති කැමති ගිටාර් වගේ හැඩ කෙල්ලන්ට '