03 කොටස💐~

91 21 16
                                    

ඊයේ දවල් ඉදන් හවස් වෙනකම්ම වගේ තිශාක්‍යයි මමයි ගල් තලාවේ ඉදගෙන කතා කර කර හිටියා.. තිශාක්‍ය? ඔව් එයාගෙ නම රතීෂ් තිශාක්‍ය අර ලස්සන ගැබුරු කටහඩේ අයිතිකාරයගෙ.. නොහිතපු විදිහට එයා එක්ක මම කතාවට වැටුනේ.. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා තමා කිව්වේ.. පෙරේදා තමා කොලබ ඉදන් නුවරට එයා ඇවිත් තියෙන්නෙ.. එයාලගේ මහ ගෙවල් මෙහේ කියලා තමා තිශාක්‍ය කිව්වේ... එයා නම් ගොඩක් හොද පාටයි.. ඇත්තමයි.. හරිම හොද නිවුන වගේ මනුස්සයෙක්.. සමහරවිට එහෙම නොවෙන්න උනත් පුලුවන්.. ගොඩාක් නිවුන අයට කේන්ති ගිහාම ඒ කේන්තිය නිවන්න හරිම අමාරුයි හරියට ඒ කේන්තිය පෙට්‍රල් දාලා ගිනි තියපු කැලයක් වගේ තමා ඇවිලෙන්නෙ..

ඊයෙ මම ගෙදර එද්දි හවස පහ විතර වෙලා තියෙද්දි මම එද්දි අම්මා ඇවිත් හිටියා නිකන් නෙවෙයි වීරවංශ මුදලාලි නෝනා බත් ගෙඩියකුත් බැදලා දීලා එවලා තිබ්බෙ.. අපේ අම්මට ආයෙත් කොරටුවේ වැඩට යන්න එපාය කියලා කියන්න තමා එයාලා අපේ අම්මට කතා කරලා තිබ්බෙ.. එයාලා කියලා තිබ්බා අපේ අම්මට වීරවංශ ගෙදරට ඇවිත් උයන පිහින අස්පස් කරන වැඩටික කරලා දෙන්නය කියලා.. මාසෙකට හොද පඩියකුත් දෙන්නම් කිව්වලු.. අපේ අම්මා ඉතින් හා කියලා ඇත්තටම ඒක නම් හොදයි මම උනත් අපේ අම්මා කොරටුවේ වැඩට යන එකට වැඩි මනාපයක් නෑ.. මොකද ගුණපාල මාමත් හොද මනුස්සයෙක් නෙවේනෙ... ඒත් ඉතින් අසරණ දුප්පත් මිනිස්සු උන අපි මොනවා කරන්නද...

" සුදු මහත්තයා ලෑස්ති ද.. "

" ඔව් අම්මා.. "

" එහෙනම් යමන්.. "

අපි මේ වීරවංශ මුදලාලි මහත්තයාලගෙ ගෙදර යන්න.. ඊයෙ අපේ අම්මා ගිය වෙලාවේ ඒ ගෙදර අය කියලා තිබ්බා මාව අද එක්කන් එන්නය කියලා.. මටත් රස්සාවක් දෙන්නද දන්නෑ.. අනේ එහෙම නම් හොදයි එතෝට මට අම්මට තවත් බරක් නොවී ඉන්න පුලුවන්..

ගෙදර දොර වහලා අම්මත් එක්කම වීරවංශ මුදලාලි ගෙදර යන්න පටන් ගත්තා.. එහාට යන්න වැව පාස් කරන්න ඕන.. පැය කාලෙකින් විතර මායි අම්මයි ගිහින් නැවතුනේ ලොකූ ගේට්ටුවක් ගාව.. ගේට්ටුවෙ මෙරට හිටපු අප්පු මාමා ඇවිත් ගේට්ටුව ඇරියාම අපි ඇතුලට ආවා.. ඇතුලට ආවත් හරි මට පෙනුනෙ ගේට්ටුවෙන් හුගක් ඇතුලට වෙන්න තිබ්බ ගෙදරක වහලේ විතරයි.. ඒ තරමටම ඒ ගේවටේ වත්ත අක්කර ගානක් ලොකුයි.. මේ මම මෙහෙට ආපු පලවෙනි වතාව.. අම්මා ඇවිත් තිබ්බට අම්මා මෙහෙට එද්දි මාව එක්කන් ආවෙ නෑ.. අම්මා ඉස්සර වෙලා යද්දි මම අම්මා පස්සෙන් යන්න පටන් ගත්තා.. අම්මා ගියේ කුස්සිය පැත්තට.. ඔව් ඉතින් දුප්පත් අපිට කවද්ද ගෙදරක ඉස්සරහ දොරක් ඇරුනෙ.. ගෙදරකට යනව නම් ගියේම පස්ස දොරෙන්..

පොද වර්ෂා (Ongoing)Where stories live. Discover now