" සුදු මහත්තයා.. සුදු මහත්තයා නැගිටපන් පුතේ.. අද නෙලුම් මල් නෙලන්න යන්නෙ නැති ද පුතේ... නැගටපන් කොල්ලෝ.. "
උදේ පාන්දරම අම්මා මාව කූද්දන ගමන් අම්මාගේ කඩහට ඇහෙද්දී නිදිමතේම මම පෙරවන අම්මගෙ පරණ චීත්තෙ මුලු ඇගේම උතා ගත්තේ පැදුරෙන් නැගිටලා බිත්තියට හේත්තු වෙන ගමන්.. අද සීතලයි.. අද විතරක් නෙවේ මේ ඔක්තොම්බරේ කොහොමත් නුවරට වැස්සත් එක්ක නිසා උදේ හවහට හිරිගඩු පිපෙන තරමටම සීතලයි..
නෙලුම් මල් නෙලන්න යන්න ඕන.. හැමදාම උදේට නැගිටලා නෙලුම් මල් නෙලන්න වැවට යන එක මගේ පුරුද්දක් වෙලා.. ස්කෝලෙ යන්නෙ නැති නිසා හැම දවසකම උදේ ගගට යන්නෙ දළදා මාළිගාවට ගිහින්.. දළදා වහන්සේව වැඳපුදා ගන්න එන මිනිස්සුන්ට මල් විකුණන්න.. මල් විකුණන් කන එක පවක් උනත්.. දුප්පත් අපිට කරන්න තියෙන්නෙ මේ වගේ දේවල් තමා.. අපේ අම්මත් උදේ දවල් රෑ නොබලම ගුණපාල මාමගෙ එළවලු කොටුව වැඩට යන්නෙ.. සොච්චම් පඩියකටයි පඩියට අමතරව හම්බෙන එලවලු ටිකයි ගන්න.. නැත්තම් මායි අම්මයි හාමතේ මැරිලා ගිහින් ගොඩක් කල්.. කොච්චර රට දියුණු උනත් අපි වගේ දුප්පත් මිනිස්සු මේ රටේ ඉහේ කෙස් ගානට ඉන්නවා..
" සීතලයි අම්මා.. "
පැදුරෙන් නැගිටපු මම.. පැදුරත් අකුලලා තියලා අම්මව හොයාගෙන පිලිකන්න පිටිපස්සෙන් ලී වලින් වට කරලා හදලා තියන කුස්සි කෑල්ලට ගියේ තාමත් චීත්තේ ඇග වටේ උතාගෙන..
" සීතල නම් ඉදින් කොල්ලෝ.. උදේ පාන්දර වතුරට බහින්නෙ නැතුව.. අද යන්න ඕන නෑ සුදු මහත්තයා.. අද ගෙදර ඉදපන් මයෙ අම්මා.. "
පොල් කටුවකට වක්කරලා තියන තේ කහට ටික මගෙ අතට දෙන ගමන් අම්මා කිව්වෙ මගේ ඔලුවත් අතගාලා.. අපිට කොහෙන්ද ලොකු නෝනා මහත්තුරුන්ට වගේ වීදුරු කෝප්ප වල දාලා බොන්න කිරි.. හැමදාම කහට තමා.. මට මතක විදිහට අම්මාගේ කිරි බිව්වෑන් පස්සෙ මේ අවුරුදු දාහත පුරාවටම කිරි බිදක් මගෙ කට ගෑවිලා නෑ.. අඩුගාන මම දන්නෙ නෑ කිරි රහ කියන්නෙ මොන වගේ රහක් ද කියලවත්..
" එහෙම බෑනෙ.. අම්මා.. මයෙ අම්මා උදේ හවහ ගුණපාල මාමගෙ කොටුවෙ නැහීගෙන වැඩ කරද්දි මන් කොහොම මයෙ අම්මා ගෙදර ඉන්නෙ.. "
YOU ARE READING
පොද වර්ෂා (Ongoing)
Non-Fiction" උබ මාව ආදර වැස්සකින් නාවලා ඉවරයි පිනිබිඳු.. " -Akshiv- " ඔයාම නෙවේ ද ඒ වැස්සෙ තෙමෙන්න මා පස්සෙ ගෑටුවේ තිශාක්ය.. " - Pinibindu- ඔයත් එන්න හිරි පොද වැස්සක තෙමෙන්න.. ආදර වැස්සක් එක්ක හිනා වෙන්න.. ආදරේට ආදරේ කරන්න.. මේ ආදර පොද වර්ෂාවක් ආරම්භ වීමට නි...