02 කොටස💐~

88 22 18
                                    

ඒ හිටියෙ වැව් බැම්මෙ ඉදන්.. සින්දුව කිව්ව කඩවසම් කටහඩේ අයිතිකාරයා.. මම හරි කටහඩ වගේමයි මූණත් හරිම කඩවසම්.. ඒ මුහුණ පැහැදිලිව නොදැක්කත් ඒ කෙනා ඇදන් හිටිය ඇදුම මම පැහැදිලිව දැක්කා වගේම අර වාදනය කරපු ගිටාර් එකත් එයා පිටේ එල්ලන් ඉදියෙ..

" මල්ලි.. අපිට මේ මල් ඔක්කෝම දෙන්න.. "

ආයෙත් අර ගෑණු ලමයා.. එයාගෙ කටහඬින් තමා මම මෙච්චර වෙලා අර රූපෙ දිහා බලන් ඉදපු ඇස් අහකට ගත්තේ.. මල් ඔක්කෝම ඉල්ලනවා.. අද නම් ඉක්මනටම ගෙදර යන්න පුලුවන්.. මම ඔක්කෝම මල් ටික එක පොකුරකට එකතු කරගෙන ඒ මල් පොකුර අර ගෑණු ලමයා පැත්තට දික් කලා..

" කීයද ගාන.. "

" මලක් විස්සයිනෙ නෝනා.. විස්සගානෙ මල් විසිපහට පන්සීයයි.. "

මල් විසිපහට ගාන පන්සීයයි කියද්දි ඒ නෝනා හරි ලස්සනට හිනා වෙලා අර ලස්සන පිරිමි ලමයාගෙන් රුපියල් දාහක කොලයක් ඉල්ලගෙන මට දුන්නා..

" ඉතුරු තියා ගන්න.. "

ඒ එයා.. ඒ අර පිරිමි කටහඩේ අයිතිකාරයා.. එයාගෙ කටහඩේ ගැබුරු දෙවියනේ.. මාරම ගැබුරු කටහඬක් ඒක.. සින්දුව ගායනා කරද්දි තිබ්බ කටහඩ නෙවෙයි එයා කතා කරද්දි තියෙන්නෙ..

මූණෙ හිනා කදුලක් නෑ.. පුදුම අහන්කාර මූණක් ඒක.. ඉතුරු තියා ගන්න කියලා මගේ පැත්තට දික් කරපු මොනර කොලේව අතට ගන්නවත් එක්කම.. මගේ දිහාවත් නොබලා ඒ දෙන්නා මාලිගාව පැත්තට ඇවිදගෙන ගියා.. තාම මම හිටපු විදිහට ගල් වෙලා වගේ.. එයා යන දිහා බලන් ඉන්නවා... සර්ව සම්පූර්ණ මිනිස් රූපයක්.. හැම අතින්ම අන්ග සම්පූර්ණයි.. මේ තරම්ම අන්ග සම්පූර්ණ මනුස්සයෙක්ව මගේ ජීවිතේට දැක්කමයි..

මම ගෙදර එන්න ලෑස්ති උනා.. මල් විකුණලා හම්බ කරපු සල්ලි ටිකත් සාක්කු දෙකේ ඔබාගෙන මම එන්න ආවා.. එන ගමනුත් කල්පනා කලේ ඒ අන්ග සම්පූර්ණ පිරිමි රූපෙ ගැන.. මගේ හිතට දැනෙන මේ හැගීම හරිම අමුතුයි.. කවදාවත් මේ වගේ හැගීමක් මගේ හිතට දැනිලා නෑ.. හරියට මට එයාව මාලිගාව ගාවදී පෙනුනෙ රතු රෝසමල් යායක් මැද්දෙ පිපුණු සුදු රෝස මලක් වගේ.. ඒ තරමටම මට එයාව මිනිස්සු ගොඩේ කැපිලා පෙනුනා..

පොද වර්ෂා (Ongoing)Where stories live. Discover now