♡ My Mermaid ࿐@ jeon house
'හේජුන් සර්... බේබිව එක්කගෙන අාවා... '
'ජන්කුක්!! '
'අප්පා...අහ්!! '
ගේ අැතුලට අඩිය තියනකොට ම ජන්කුක් ට අැහුනෙ හේජුන්ගෙ කේන්ති ගියපු කටහඩ වෙද්දි, ජන්කුක් කතා කරන්න හැදුවත් හේජුන් ජන්කුක්ගෙ කම්මුලට ගැහුවෙ ජන්කුක් පරඬැලක් වගේ විසික් වෙලා ගිහින් සෝෆාව ලඟ බිමට වැටෙද්දි...
'ජන්කුක් තමුසෙ කොහෙද ගියේ? '
'අ.. අප්පා... '
කම්මුල් පාරෙ සැරටයි වැටුන පාරට සෝෆාවෙ කොනේ අැනුන කොන්දෙන් එන වේදනාවයි නිසා ජන්කුක් ට වචන ගොතගැහුනා...
එ්ත් එ් කියලවත් නෙවෙයි හේජුන්ගෙන් පුංචිම වත් අනුකම්පාව ක් ලැබුණේ...
'මං අැහුවෙ තමුසෙ කොහෙද ගියෙ කියලා...! '
'අප්පා... ම.. මං... '
'පොඩි බේබි හිටියෙ බීච් එක ලඟ හේජුන් සර්...'
ජන්කුක් උත්තර දෙන්න වචන එක්කහු කරද්දි එතනට අාපු ලිම් ජන්කුක් ව නැගිට්ටවන ගමන් හේජුන් ට කතා කලා...
'තමුන් මොකටද බීච් එක ලඟට ගියේ...? උත්තර දෙනවා මට! '
හේජුන් කේන්තියෙන් කෑ ගහද්දි ජන්කුක් ව ගැස්සිලා ගියා...අවුරුදු දහඅටක් උනත් හේජුන්ගෙ කේන්තියට ජන්කුක් බය වුනා...
'අ.. අප්පා... ම.. මං... අ.. අතරමං... උන්.. උනා... '
'අතරමං උනා! තමුන් school අැරිලා ගෙදර එන්නෙ නැතුව අැවිදින්න ගිය නිසානෙ අතරමං උනේ... නේද? '
ජන්කුක් කොහොම කියන්නද... එයා ඔම්මා ගැන කල්පනා කර කර ගියේ කියලා...එ් කිව්වොත් ජන්කුක් ට හේජුන්ගෙ න් තවත් ගුටි කන්න වේවී...එ් නිසා ජන්කුක් නිහඬයි... ජන්කුක් ට දෙන්න උත්තරයක් නෑ...
ජන්කුක් ගෙන් උත්තරයක් නැති තැන සමච්චල් සහගත විදිහට හිනා වුන හේජුන් ලිම්ට කතා කලා...
'ලිම්! '
'සර්? '
'ජන්කුක් ව hostel යවන්න ලෑස්ති කරන්න... මෙයාගෙ මුරණ්ඩු කම් මම අඬු කරන්නම්කො! '
YOU ARE READING
♡ ꪑꪗ ꪑꫀꪹꪑꪖỉᦔ ࿐ ║ᖴᗩᑎᖴIᑕ [ᴛᴀᴇᴋᴏᴏᴋ] ʂԋσɾƚ ƈԋαρƚҽɾʂ✎
Fanfiction"I look at you and I dream... your my lifeline dear..!" - Jungkook Jeon "It's the same for me too... You are the one who brought happiness to my life..." - Taehyung Jeon TAEKOOK TOP KOOK [Requested] FANFICTION Mermaid F...