♡ My Mermaid ࿐
'ජන්කුක් මට කතා කලාද? '
ටේහියුන්ග් ගෙ කටහඬ තමන්ගේ එහා පැත්තෙන් එකපාරටම අැහුනම ජන්කුක් ගැස්සිලා ගිහින් පපුවට අතකුත් තියාගත්තෙ ටේහියුන්ග් දිහා අැස් දෙක ලොකු කරන් බලන් ඉදලා උනත් තත්පර ගානකින් බලන් ඉදිල්ල රැවිල්ලක් උනා කිව්වොත්...
'දෙවියනේ මං බය උන තරමක්... ඔහෙ හොල්මනක්ද අැත්තට... මේ වෙලාවෙ මෙතන මොකද කරන්නෙ... '
ජන්කුක් එ් අැහුවෙ ටේහියුන්ග් ට රවලා උනාට එ් කටහඬ කිසිම තරහක පෙනුමක් තිබුනෙ නෑ... මොකද ජන්කුක් ට අැත්තටම ටේහියුන්ග් දකින්න ඔ්න කල නිසා ජන්කුක් අැත්තටම සතුටු උනා...
'දැන් ඔයානෙ මට කතා කලේ... '
ජන්කුක් කියපු එකට ටේහියුන්ග් ගෙන් අාපිට ලැබුනෙත් හුරතල් රැවිල්ලක් වෙද්දි, අැස් දෙක රෝල් කරපු ටේහියුන්ග් ජන්කුක් ට එහෙම කිව්වා...
'මං කතා කලානම් තමයි... මං නිකං කතා කලේ... කවුද හිතුවෙ ඔයා එයි කියලා... '
ජන්කුක් එහෙම කිව්වම ටේහියුන්ග් උත්තර නොදී ජන්කුක් දිහා ම බලාගෙන හිටියෙ ජන්කුක් උගුර පාදලා පොඩ්ඩක් අහක බලාගනිද්දි...
'අහම්...ටේහියුන්ග් ගෙ ගෙවල් කොහෙද? '
ජන්කුක් එ් අැහුවෙ අැත්තටම හිතේ තිබුණු ලොකු ප්රශ්නයක්, මොකද මේ වෙලාවෙ කෙනෙක් එලියෙ ඉන්නව කියන්නේ මේ කිට්ටු වම කෙනෙක් වෙන්න ඔ්න කියල ජන්කුක් හිතුවා...
'අන්න අර අෑත... '
අැඟිල්ලක් දික් කරලා අෑත පේන මුහුද පෙන්නපු ටේහියුන්ග් හැරිලා ජන්කුක් දිහා බැලුවා...ටේහියුන්ග් කියපු එක නොතේරුනු ජන්කුක් මොංගල් වෙලා වගේ ටේහියුන්ග් දිහා බලාගෙන ඉන්නවා... ටේහියුන්ග් ට ජන්කුක් ගෙ මූන දැකපු ගමන් බකස් ගාලා හිනා ගියා...
'මොකද හිනාවෙන්නෙ... '
ටේහියුන්ග් තමන්ට හිනා වෙනව කියල දැක්කම ජන්කුක් එ් අැහුවෙ නලලත් රැලි කරන්...
'නැ මේ නිකං... '
ටේහියුන්ග් කිව්වම ජන්කුක් අාපිට උත්තර නොදී ම විනාඩි ගානක් අෑත පේන මුහුද දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් පාත දාලා ටේහියුන්ග් ගෙ පැත්තට හැරුනම මෙච්චර වෙලා ජන්කුක් ට බාදා නොකර මුහුද දිහාම බලාගෙන හිටපු ටේහියුන්ග් නුත් ජන්කුක් දිහා බැලුවෙ එ් වෙලාවෙම වගේ...
YOU ARE READING
♡ ꪑꪗ ꪑꫀꪹꪑꪖỉᦔ ࿐ ║ᖴᗩᑎᖴIᑕ [ᴛᴀᴇᴋᴏᴏᴋ] ʂԋσɾƚ ƈԋαρƚҽɾʂ✎
Fanfic"I look at you and I dream... your my lifeline dear..!" - Jungkook Jeon "It's the same for me too... You are the one who brought happiness to my life..." - Taehyung Jeon TAEKOOK TOP KOOK [Requested] FANFICTION Mermaid F...