2 වන කොටස 🤍🪻

9 3 0
                                    

" එහෙනම් ලමයි මන් යනවා සර් එනකන් කටවල් පියාගෙන ඉන්න "

" හරේ මිස් "

එහෙම කියාගෙන මිස් ක්ලාස් එකෙන් එලියට ගියා..




අනේ..

මට එහෙම තමා දැන් කියන්න වෙන්නේ..ඇයි යකෝ මේ මිසුත් මාව පන්තිය මැද තනි කරලා ගියානේ..මට නිකන් දැනෙන්නේ වෘක්ක රැලක් මැද තනි උන හා පැටියෙක් වගේ..ඇයි අනේ මේ මුන් මාව ගිලින්න වගේ බලන්නේ..අනේ තාත්ති ඇවිත් එක්කන් යන්න බෑද අනේ ආයේ..සුදු පුතාට ලැජ්ජයිනේ අප්පාහ්..මන් කියනවා බාප්පිට මිස් මාව මෙහෙම දාලා ගියා කියලා..අනේ හෙනම ගහපිය මට මේ කරන දේවල් වලට

මන් හිමීට වටපිට බැලුවා..අම්මටසිරි ඔය තියෙන්නේ බඩු මන් දන්නවා බන් මේ මට මේ පන්තියෙ තැනක් නැති වෙන්නෑ කියන්න..මන් එලිසබෙත් ආච්චිගේ මුනුපුරානේ..මාගේ අණට ඉහලින් යන ඕනෑ කෙනෙක්ගේ අහවල් එක කපලා කිබුල්ලුන්ට කන්න දානවා..දන්නෑ තාම මගේ හැටි..ඒ කිබුල්ලු නෙමේ මට අනිත් කිබුල්ලු දෙන්නා අත වනනවා උන්ගේ ලග තියෙන හිස් ඩෙස් එක පෙන්නලා..මාත් ඉතින් තව මෙතන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙනවට වඩා ඉදගන්න එක හොද නිසා අඩිය ඉක්මන් කරලා එතනට ගිහින් දඩස් ගාලා පොත් බෑග් එක මේසේ උඩට අතහැරලා ඉදගත්තා

" හායි පොක්ක මන් ප්‍රමෝද් එතකොට මේ ඉන්නේ චමෝද් "

" අනේ බේසිකයෝ මන් මාව අදුන්නලා දෙන්නම් තෝ මොකටද මාව අදුන්නලා දෙන්න යන්නේ කට පියාගෙන හිටුකෝ වදේ "

" ආහ් ආ ආ හරි බන් ඕකට රණ්ඩු වෙන්න ඕන්නෑ නේ අදුනගත්තානේ කොහොමහරි "

" ඒකනේ මුට පිස්සු "

" පිස්සු මන් කියන්නෑ පිස්සු තොට ගල් මූසලයා "

" කට වහන් හිටහන් බන් ඒ ඉතින් කියපන්කෝ විස්තර විහඟ "

මන් එතනින් ඉදගත්තාම ප්‍රමෝද් මට ඒකාගේ අනිත් බාගෙත් එක්ක හදුන්නලා දුන්නම අරූ පරල වෙලා කෑ ගහන්න ගත්තා..ඌවත් කොහොමහරි ශේප් කරගෙන ප්‍රමෝ මගෙන් ඇහුවා විස්තර..ඉතින් මන් විස්තර කිවුවා ඒත් ඉස්කෝලේ අස් උනේ උන රණ්ඩුවක් කියලා විතරයි කිවුවේ මොන හේතුවටද කියලා කිවුවේ නැහැ

Lavender_🪻🤍 ( • Ongoing • )Where stories live. Discover now