1 කොටස 🤍🪻

19 2 0
                                    

" සුදු මහත්තයා නැගිටින්න ලමයෝ ඉස්කෝලේ යන්න ඕන නේ "

" තව විනාඩි පහක් අම්මේ "

" දැන් වෙලාව කීයද දන්නවද පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්නද හදන්නේ "

" හරි හරි අනේ ඔයා යන්නකෝ මන් නැගිටින්නම් "

" හැබෑ මන් දැන් ඇවිත් බලද්දී නැගිටලා හිටියේ නැත්නම් තෙල් හැන්ද රත් කරලා ඔය පස්සෙ තියනවා දන්නවනේ "

" ආආ මේ නැගිට්ටා මේ නැගිට්ටා "

අනේ අම්මේ මගේ රාජකීය පස්සට නම් අත තියන්න එන්න එපා..ඇයි අනේ ඕක කොච්චර අමාරුවෙන්ද මේන්ටේන් කරන්නේ..අද තමා අපේ තාත්තාගේ කීමට රජයේ ඉස්කෝලේකට යන්නේ..කලින් ඉන්ටර්නැෂනල් ගියත් මගේ අතින් සිද්ද උනු චූටි අත්වැරැද්දක් නිසා මාව ඒ ඉස්කෝලෙන් අස් කරලා මේ ඉස්කෝලෙට දාන්නේ..තාත්තා කියනවා මන් හැම තරාතිරමකම ලමයෙක් ආශ්‍රය කරන්න ඕන කියලා..ඒ උනාට ඒ වගේ කවුරුත් මේ වෙනකන් මට සෙට් වෙලා නැහැ..අම්මා ඇවිත් තෙල් හැන්ද මගේ පස්සේ තියන්න කලින් ලෑස්ති වෙන්න ඕන..කිවුවොත් කරනවා අපේ සුදු මැනිකේ

මාත් සුටුස් ගාලා ගිහින් වොශ් දාගෙන..සුදු මැනිකේ අයන් කරලා තියෙන කිරි සුදු පාට යුනිෆෝර්ම් එකත් ඇදගෙන පර්ෆියුම් ටිකක් ඇදුමට ගහගෙන බෙල්ලෙ දෙපැත්තටයි කොන්ඩෙටයි ඕඩිකොලෝන් ටිකක් ගහගත්තා..මොන පර්ෆියුම් එක තිබ්බත් වැඩක් නැහැ මට ඕඩ්කොලෝන් නැත්නම්..ශූස් දෙකයි බෑග් එකයි අරන් මන් එහෙම්ම පල්ලහාට ගියා..මන් යද්දි අපේ ගෙදර ඔක්කොම උදේ කෑම ගන්නවා..මන් වෙනදා පුරුද්දටම පඩිපෙලේ අත්වැට දිගේ පහලට ලිස්සලා එන ගමන් කට්ටියට ගුඩ් මෝනින් කිවුවා

" ගුඩ් මෝනින් කට්ටිය ,ගුඩ් මෝනින් කපුටු පැටියෝ "

" සුදු මහත්තයා !!! "

හේ හේ උදේ පාන්දර වැඩ වරද්දගත්තා වgay..හැන්දක් උඩින් පාවෙල එනවා වගේ පේනවා..එනවා වගේ නෙමේ එනවා තමා..මේ කොල්ලා දස්සයා නිසා එහෙන් මෙහෙන් වැඩ කෑලි ටිකක් දාලා බේරුනා..කෑම මේසේ ඉන්න ඔක්කොමලා කන එකත් පැත්තක දාලා කටත් ඇරන් මන් දිහා බලන් ඉන්නවා..ඔය මොකටවත් නෙමේ සුදු මැනිකේ ආවේස වෙලා කෑ ගහන්නේ ඒයිලා..මන් ඔහොම අත්වැට දිගේ එන්න ගිහින් දවසක් ඔලුව පලාගත්තා ඒත් තාම පාඩමක් ඉගෙන ගන්නැතුව පුරුද්දට ඒකම කරනවා..මන් බෑග් එකත් පුටුවක් උඩින් දාලා ගිහින් සුදු මැනිකෙව තුරුල් කරගෙන කම්මුලට කිස් එකක් දුන්න..නැත්නම් උදේම සුදු මැනික මූඩ් ගහලා ඉන්නවා දැක්කොත් තාත්තා මාව කයි..එයාගේ පනනේ මේ..

Lavender_🪻🤍 ( • Ongoing • )Where stories live. Discover now