2 කොටස (ෆ්‍රීඩම්)

227 49 79
                                    

අත්තප්පච්චිව නිවන් යවල ඉවරයක් වෙනකන් මන් හිටියේ සික් එක හැදිච්ච එකෙක් වගේ....

කොහෙද නිවන් යන්න හදපු අපෙ කොල්ලව මුන් දවස් තුනක් තිස්සෙ තාමත් අල්ලන් ඉන්නව...

මේ දවස් තුනට රත්නජෝති බංගලාවට එන , එක එක ජාතියේ මිනිස්සුන්ට අත් දෙක දික් කරනවට වඩා වැඩක් මට තිබුණෙ නෑ....

ඒ මදිවට ,ග්ලිසරින් බෝතල් දෙකක් ඉවරයි දවස් තුනට....

මනුස්සයෙක් මැරුණහම මුං ඒකත් ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්නව.... මළාට පස්සේ මොන කැටයම්ද  , වලදාලා හරි පුච්චල හරි ඉවරයක් කරනව ඇරෙන්න..... දවස් ගානක් තිස්සේ කැටයම් දදා ෆෝමලින් ගහ ගහ තියාගෙන ඉන්නව.... 

හැබැයි ඉතින් මොනව නැතත් වටේ උන්ට නම් රජ මඟුල්.... ඇයි ඉතින් හත් දවසේ දානෙ දෙනකම්ම මළගෙදරින් කන්න පුළුවන්නෙ....

අත්තප්පච්චිටත් වලින් නැගිටලා එන්න හිතේවි මේ කරන නාස්තිය දැකල....

මං මුන්ට කීපාරක් කිව්වද අත්තප්පච්චිව නිවන් යවලා ඉවරයක් කරමු කියලා....කොහෙද ඉතින්....රට ඉන්න අර නෑයා එනකන්ලුයි , අර ඇමති එනකන්ලුයි මේ ඇමති එනකන්ලුයි අත්තප්පච්චි නිවන් යන්නෙ නැතුව තියාගන්න ඕනෙලු....

පුදුමාකාර ඉලව් නාඩගම් තමයි මේවා....


රත්නජෝති බංගලාවේ අත්තප්පච්චිගේ මළගේ සමරන්න DJ පාරක් විතරයි අඩු.... ඔන්න ඒකවත් තිබුණනන් හිත හදාගෙන මේ නාඩගම දිහා බලන් ඉන්න තිබ්බා...



"අනේ අප්පච්චීහ්....... අපිව දාලා ගියේ ඇයි මගෙ අප්පච්චී..... අපි කොහොමද අප්පච්චි නැතුව ඉන්නේ....."




"රත්නජෝති පරම්පරාවටම මොන හෙනයක්ද දෙයියනේ වැදුනේ...."




"අප්පච්චී.... අප්පච්චි නැතුව අපි කොහොමද මේ දේවල් බලා කියාගන්නේ....."




පුදුමාකාර මුස්පේන්තු ගතියයි.... රත්නජෝති පාරම්පරාවේ උන් එක යායට  වැළපෙනවා පොළොවෙ ගැහෙනවා.... මුන් මෙතන අඬා වැළපුණා කියල අත්තප්පච්චිව ආයෙ මළවුන්ගෙන් නැගිට්ටන්නද.... ගුණ වයනවා ඉවරයක් නෑ හොඳ කියනවා ඉවරයක් නෑ.... රට කැටයම් මුන්ගෙත්....

යාල් දේවි 🚆 💚❤️Onde histórias criam vida. Descubra agora