" Jisso...මෙ බලන්නකෝ ඉතින් ... කෝ හොඳ ලමයානෙ ඉතින් ... "
" ශාන් ... ඔයා මාව දාලා යන්නෙ නෑ නේද.. අනේ කියන්නකො.. "
" කොහෙත්ම නෑ ... පණ මන් ඔයාව දාලා කොහෙවත් යන්නැ.. මේ අල්ල ගත්තු අත කවදාවත් අතාරින්නෑ... පොරොන්දු වෙනවා "
" ශාන් ... මෙතන මොන දේ උනත් අපිට අපි නැති වුනත් ලබන ආත්මෙදි හරි මාව හොයාගෙන එනවා නේද... මොනවිදිහකින් හරි මාව හොයන් අයිති කරගන්නවා නේද .. "
" jisso ... මන් අනිවාර්යයෙන් ඒක කරනවා . මේ ආත්මෙදි බැරි උනත් ලබන ආත්මෙදි අනිවාර්යයෙන් ... මන් ඔයා හොයන් එනවා "
( වෙඩි හඬක් )
" ශාන් ... මන් ඔයාට ආදරෙයි ... "
" මාත් ඔයාට ආදරෙ....යි.. ":::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අදත් වෙනදා වගේම ඇස් වල කඳුළු පුරවගෙන නැගිට්ට මන් එහෙන්මම කීවෙනි වතාවටදෝ එයාගෙ රූපෙ මගේ ඩයරියේ සිත්තම් කරා .
jisso .... මතක ඇති කාලේ ඉඳන් මන් මේ හොයන රූපෙ තවමත් මට හොයාගන්න බැරි උනා .
කොහොමහරි මන් ඔයාව හොයාගන්නවා jisso ....එයාව මේ ආත්මෙදිවත් මන් මගේ කරගන්නවා. ඔව් අනිවාර්යයෙන් ...
මම wang yibo. අවුරුදු 20යි.මතක විදිහට මට අවුරුදු පහලොවේ ඉදන් මේ හීනෙ පෙන්නෙ . ඒ මගෙ ගිය ආත්මේ කියලයි මන් හම්බෙන්න ගිය හාමුදුරුවෝ කිව්වේ. ඒත් මේ හීන වලට මගෙ දෙමාපියන් අකමැති උනනිසා මාව වෙන රටකට එව්වා.