එකසැරේ කෙලින් උනේ ෂෙනිරු දිහාත් තව සැරයක් බලලයි...මම හිමින් ආයෙම අර සුදුපාට පුංචි පින්න මල් පොකුරට ඇස් යැව්වෙ අපි තුන්දෙනා අතර තිබ්බ මේ අමුතු ටෙන්ශන් එක මට පොඩ්ඩක් අපහසු උන නිසයි...ඒත් එක්කම ෂෙනිරු නැගිටලා ඇවිත් මගේ එහාපැත්තෙන් ඉද ගත්තෙ මගේ කරටත් අතක් දාගෙන...
"ඉතින්...ඌ එක්ක උබ කතා එහෙම කරනවද...කියාගෙන යමන් ඉතින් කතාව..."
ෂෙනිරු හරිම සන්සුන්ව හිනා වෙලා කියපු විදියට මට දැනුනෙ ලෝකයක් මාව පිළිගත්තා වගේ...මගේ වටේට ඉන්න මේ තුන් හතරදෙනා කියන්නෙ ඇත්තටම මට ලෝකයක් තරම් වටින මිනිස්සු ...මම ලැජ්ජාවෙන් හිනා වෙලා තිවේන් දිහා බලද්දි ඌ තවමත් හිතා ගන්න බැරුව අපි දෙන්නා දිහාම බලන් හිටියෙ මායි ෂෙනිරුයි ආයෙම මූනෙන් මූන බලද්දි...ඒත් එක්කම ෂෙනිරු තිවේන්ට කකුලෙන් ගැහුවෙ ඌ මනමාල විදියට හිනා වෙලා කම්මුලට අතක් තියාගද්දිමයි..
"හානේ....ලස්සන...~"
"ඒ ඕයි!!! මොනවද උබ කියවන්නේ...ඒ ඕයි ත්..ති...හම්මට-"
එකසැරේ තිවේන් බලන් හිටිය දිහාවට හැරුන ෂෙනිරුත් අරූ වගේම ස්ටක් උනේ මම උන් දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලන් ඉදලා පිටිපස්සට හැරෙද්දි...එතකොටම අපි හිටපු තැනට ඇවිදන් ආවෙ මගේ නංගියි භවානියි...
"ඊයා හු*තෝ ගනින් අත කම්මුලෙන්...සැකේ මෙහෙම ලැජ්ජාවක්..ඒ ඕයි අනේ ආරව් මේකට ගහපන්කෝ.."
ෂෙනිරු එක සැරේ අර දෙන්නා එනවා දැකලා ඉක්මනටම ගිහින් තිවේන්ගේ අතට ගැහුවෙ තිවේන් හැටි හැටේ රවනකොට...මට යම්කිසි දෙයක්නම් තේරෙනවා...ඒත්...
"මට ගහන්න..!! මේ මට ගහන්න..යකෝ මමයි ගහන්නෙ..දෙන්නෑ එක ප*යෙක්ට මට ගහන්න පුලුවන්නම් ගහපන් ආරව්!!!"
එකසැරේ වෙච්ච ලැජ්ජාව වහගන්න වගේ තිවේන් පුරුදු විදියට කිව්ව හැමදේම පුදුම වලත්ත විදියට අරන් කියවන් කියවන් ගිහින් ෂෙනිරුගෙ අතත් ගසලා තිවේන් නැගිට්ටෙ මම හරිම සන්සුනව මේ දිහා බලන් ඉද්දි...මේවා ඇවිල්ලා...හුගාක් නෝමල් දේවල්...අපේ නංගි දැක්කම පොඩ්ඩක් මිනිහගෙ ට්රැක් පැන්නට මොකෝ මේකගෙ කටනම් වහන එක කරන්න බැරි දෙයක් නෙමෙයි අමාරු දෙයක්...
YOU ARE READING
කැලෑ මල් | WILD FLOWERS | BL | ONGOING
No FicciónALL RIGHTS RESERVED BY @r_Leona_r©️ මලක් කඩාගෙන සුවද විඳලා ඒකේ ලස්සන,සුවඳ රසවිඳිනවාට වඩා ඒක ගහේම තියෙනකොට අර සීමාන්තික රසවිඳීමට වඩා ලොකු තෘප්තියක් වගේම ඒකෙන් දීර්ඝ කාලීන රසවින්දනයක් ලබන්න පුලුවන් කියලයි මම හිතන්නෙ...!! Started - 04.11.24 Ended...