මං ජැකට් එක ගන්න කියලා හිතාගෙන කාර් එක පැත්තට එනකොට කවුද මන්දා පොඩි එකෙක් මගේ කාර් එක ළඟ ඉඳලා යනවා.ඒත් එක්කම මං දැක්කේ මඩ වලින් නෑවිලා තියෙන මගේ කාර් එක.
ෆක්!!!!!!
මං මගේ කාර් එක බලා ගන්නේ හරියට දරුවෙක් බලා ගන්නවා වගේ. ශුවර් එකටම අර පොඩි පගයා වෙන්න ඇති ඔය වැඩේ කරන්න ඇත්තේ. ඒකනේ වට පිට බල බල ශේප් එකෙ යන්න හදන්නේ.
"ඕයි... තමුසේ මොකද ඔතන කරන්නේ.???"
මං කතා කරපු පාර පොඩි ඇටයව ගැස්සිලා ගියා. මූ ඉක්මනට මගේ පැත්ත හැරිලා අත් දෙක පිටි පස්සට කර ගත්තා..
ආශ්......
මූ අර ඊයේ මට රැස් දාපු පොඩි පගයනෙ. මූ නම් පාඩමක් ඉගෙන ගන්නෙම නැහැ වගේ. උඹ ඇවිත් ඇවිත් වැරදි මනුස්සයවම අවුස්සනවනේ බන්."අහ් මේ මං---- ඉතින් මං කොහෙ මොනවා කළත් තමුසෙට මොකද?..."
"මේ අහපන් පොඩි එකෝ උඹලා වගේ පොඩි උන් එක්ක වාද කර කර ඉන්න මට වෙලාවක් නැහැ. මං උඹෙන් ඇහුවේ මගේ කාර් එක ළඟ ඉඳන් මොකද කළේ කියලා.?"
"හෙලෝ මිස්ටර්... කාර් එක ඔයාගේ උනාට මේ ප්ලේස් එක ඔයාගේ නෙවේනේ. ඒ නිසා මට ඕනේ තැනක මං ඉන්නවා. අනික ඒවා අහන්න තමුන් කවුද? ඇයි මේකත් තමුසෙට ලියලා දීලද.?"
"මේ පොඩි එකෝ උඹේ ඔය හැකර කට මං තලනවා දැන ගනින්... හොඳ හිතින් කියපන් මට උඹ නේද මගේ කාර් එකෙ මඩ ගෑවේ?"
මං ඒ පොඩි මෑන් ළඟට ටික ටික ඇවිදගෙන යන ගමන් ඇහුවා.
"ඔහ් ගෝඩ්.... මං මොකටද මේ ලදරමේ මඩ ගාන්නේ. Ewww තමුසේ හිතුවද තමුසෙගෙ කාර් එකෙ මඩ ගාන්නත් මං ඔය ජරාව අතින් අල්ලයි කියලා..."
YOU ARE READING
N I G H T R I D E R
Non-Fiction"Jason who are you.... really? " "If love's a race, You're the only finish line i'd actually look forward to crossing." Gevin X Aron • nonfiction • No copying or translation is permitted!!