1. Zhan ge .මාව ගෙදර එක්ක ගෙන යන්න .. .

208 43 75
                                    

ඉර නගින්නත් කලින් , උදේ පාන්දර 4.00 ට විතර..  Xiao Zhan ට ආව දුරකථන ඇමතුමට එයාට සිහිය නැති උනේ නැතුව විතරයි..

මුලු ඇඟම වෙව්ලනවා වගේ දැනෙද්දී .. ඒ ගමන්ම කඩිමුඩියේ ලෑස්ති වුන xiao zhan මේ එයාගෙ ඩ්‍රයිවර් එක්ක එහාට යන ගමන් ..

" ඉක්මනට යමු lee..."
එයා ඩ්‍රයිවර්ට කිව්වා..

" හරි බොස්.."
Lee එහෙම උත්තර දුන්නට , එයා දැනටමත් පුළුවන් උපරිම වේගයෙන් තමයි වාහනය පැදෙව්වේ..

නොදැනීම මෝදුවුන කඳුලක් එක්ක zhan ගේ අත් මිටමෙලවුනා..
එයාගෙ අත් වල ඇඟිලි වලින් ෆෝන් එක operate කරන්න බැරි විදිහට වෙව්ලනවා .. ඇඟිලි විතරක් නෙවෙයි මුලු ඇඟම වෙව්ලනවා වගේ..

..බොබෝ.. ..මගෙ බොබෝ.. ඇයි මම ඊයෙ රෑ ඔයා කියපු එක ඇහුවෙ නැත්තේ ..

වේදනාව..පසුතැවීම zhan ගේ හිතට වද දුන්නා.
ඇස් කෙවෙනි අග හිරවුනු කඳුළු වලට තවත් නම් සැඟවෙන්න බැරි උනා..

.........❤️💚...

" අනේ. Zhan ge . මට නම් තවත් මේක කරන්න බෑ..."

ඊයේ යිබෝ කෝල් කරපු වෙලාවෙ එහෙමයි කිව්වේ ..

" මට හොඳටම මහන්සියි ..
තවත් නම් මට බෑ zhan ge...
මාව ගෙදර එක්ක ගෙන යන්න..."

.......❤️💚

යිබෝ එහෙම කිව්වම එයා මොකක්ද කියන්න ඕනා ..

ඒ වෙලාවෙ zhan ට ඕනා උනේ.. දුවලා ගිහින් එයාව ගෙදර එක්කගෙන එන්න ..

" ඔයාට මහන්සි නම්.. දැන් ඕක ඇති පැටියෝ.. ඕක අල්ලලා දාන්න ..!! කමක් නෑ..දැන් ගෙදර එන්න" කියලා කියන්න .. !!

ඒත්.. ඒක ලොකු අවස්ථාවක් ..
ඊටත් වඩා ඒක යිබෝගෙ ආසාව.. Passion එක.
අවුරුදු එක හමාරක් තිස්සෙ අමාරුවෙන්  පුහුණු උන දේවල් නිකම්ම අපතේ දාන්න පුළුවන්ද..

ඒ නිසා එයා දැන් ඇති බොබෝ .. ගෙදර එන්න කියලා කිව්වේ නෑ...

ඉතින් ඊයේ රෑ ඒ වෙලාවෙ zhan කිව්වේ වෙන දෙයක්..

" බොබෝ දැන් ඔයා සෑහෙන්න දුර ඇවිත් ..!!
ඉතින් දැන්.. අත අරින්න එපා.. ඔයිට වඩා ලොකු අභියෝග ඔයා දිනලා තියෙනවනේ..
ඔයාට පුළුවන් පැටියෝ..
මට ඔයා ගැන විශ්වාසයි..!!"

All the good nights.. Where stories live. Discover now