"මෙහි එන නම් සහ චරිත මනඃකල්පිත වන අතර, සමහර සිදුවීම් රචකයාගේ අත්දැකීම් මත සත්‍යය වන අතර සමහර සිදුවීම් මනඃකල්පිත වේ"
වෙලාව උදේ හතයි, සතියේ දවස් වලින් සදුදා කියන්නෙ ගොඩක් අයට මහ එපාම කරපු දවසක්. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ නිවාඩුව ගත කරලා ස්කූල් යන අයයි ඉරිදා නිවාඩුව ගත කරලා ජොබ් වලට යන අයයි බෑ බෑ කිය කිය තමයි සදුදා උදේට නැගිටින්නෙ.
මෙවර සාමාන්‍යය පෙළ ප්‍රතිපල නිකුත් වුනාට පස්සෙ 12 වසරට උසස් පෙළ පටන් ගත්තෙ ඊයේ. රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සමාගමක් වන 'රන්දුණු ව්‍යාපාරික සමූහයේ' තෙවන උරුමක්කාරියත් මේ පාර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වෙලා දිස්ත්‍රික් මට්ටමින් සිව්වන ස්ථානය අරන් තිබුනා. ඉතිං රන්දුණු සමූහයේ වත්මන් පාලකයා වුන ' මහේන් ශාක්‍ය රන්දුණු' ට ඕන වුනා තමන්ගෙ එකම දියණිය වුන 'ගෞරාදි යුවිශ්ණා රන්දුණු' ව රටේ ජනප්‍රිය රාජකීය පාසලකට උසස් පෙළ සඳහා ඇතුලත් කරන්න. ඒක මිශ්‍ර පාසලක්.
අද අඟහරුවාදා දවසක්, හා හා පුරා කියලා 12 වසරට ගෞරාදි ස්කූල් යන පළවෙනි දවස. පටන් ගන්න දවසෙම නොගිහින් දෙවනි දවසෙ ස්කූල් යන්න හේතුව නම් අර උඩ කලින් සදුදා දවස ගැන කිව්ව හේතුව නම් නෙමෙයි. ගෞරාදි O/L වෙනකන් ගියෙ කොන්වර්ට් එකකට. ඉතිං එයාට දිගටම ඒ ස්කූල් එකේ ඉන්න ඕන වුනත් එයාගෙ පවුලෙ අයට ඕන වුනා එයාව රෝයල් ස්කූල් එකට දාන්න. මොකද එයාගෙ පවුලෙ අයටත් වෙන විකල්පයක් තිබුනෙ නෑ ඒ දේ කිරීමෙන් හැර. අවසානයේ අකමැත්තෙන් වුනත් ගෞරාදිට පවුලෙ අයගෙ කීමට පිටින් යන්න බැරි වුනා. ඉතිං දැන් ඇය ඉන්නෙ අදාල රාජකීය විදුහලේ ඔෆීස් එක ඉස්සරහා.
' දැන් ඉතිං මං මේ ස්කූල් එකටත් හුරුවෙන්න එපැයි, මෙහෙ ළමයි මොන වගේද දන්නෑ. බෝඩිං වෙලා හරි මට කලින් ස්කූල් එකේම ඉන්න තිබුනා. එහෙනම් මට පරණ යාළුවො හරි ඉන්නවා. මේකේ මට මොකා ඉන්නවටද. පොඩි හරි සැනසීමකට තියෙන්නෙ චූටි අයියා ඉන්න එක විතරයි '
වටපිට බලන ගමන් ගෞරාදි දුකත් තරහත් මිශ්‍ර හැගීමකින් නුහුරු නුපුරුදු වටපිටාවක් සමඟ අලුත් මුහුණු සමඟ අදින් පසු ගැටෙන එක ගැන සුසුම්ලමින් හිතන්නට වුනා. ඔය අතරේ කලින් වෙච්ච සිදුවීමක්ද ගෞරාදිට මතක් වුනේ තව තවත් හිතේ දුකත් කේන්තියත් වැඩි වෙද්දි.
YOU ARE READING
මේ භවයේදී - ιи тнιѕ ℓιfє
Ficción General" ඔයා දන්නවද, වැනිලා කියන්නෙ මේ ලෝකේ මිල අධිකම සුවඳ වර්ගයක් කියලා "