හීන මැද ඇහැරෙමි ❄️

13 2 0
                                    

සීතල ම හැඟීමුත් දවාලන පිණි
සේල
දෙතොලතර තනිවෙද්දි හාදුවක්
නොලැබීම
උනා දැමු රිදී සළු අතර සැඟවි
තනිව
සිනාසෙමු හමා එන සුළඟටත්
රහසේම

අනන්තෙට දුරදන්න හිතත් හති
වැටුනාම
පෙලක් පද මිමිණුවේ පුරුද්දට
නොදැනීම
උනාදැමු සේද සළු සුළඟේම
බැඳුනාම
දුක තමයි ඔබ සුවඳ ඉතිරි කර
සැඟවීම

                       

  ආදරේ කරද්දි දරාගන්න ම අමාරු තැන් එනවා.... හැම ජෝඩුවකටම වෙන් වෙන්න දවසක් එනවා.... මේ ලෝකෙ වෙනස් නොවෙන දෙයක් තියනව නම් ඒ වෙනස් වීම  ම විතරමයි......

කොහේහරි ඇති කියලා වෙන් වෙනවාට වඩා කොහේවත් නෑ කියන වෙන්වීම හරි බරපතල විදියට මිනිස්සු අවුලවනවා ....

"ඉතින්.... ප්‍රේමය ත් ඔබත් එක්ක වැළලුනාවේ....!!!!!!  " කියලා බර හුස්මක් පිට කරලා නිහඬ වෙන මිනිස්සුත් ඒ අතර ඉන්නවා...

'මට වහිද්දි හරියට ඔයාව මතක් වෙනවා.... වැටෙන පිණි වැල් වලින් මාව නිවනව වෙනුවට වුණේ තවත් දැවෙන එක......
මට මතකයි මේ වගේම වැස්ස දවසක අපි තෙමුණා..එදා වැහි බිංදුවක් ඔයාගෙ උඩු තොලේ ලස්සනට රැඳිලා ඔයාව පෙනුනේ තවත් ලස්සනට....මට එවේලෙ ඒ වැහි බිංදුව එක්කත් ඉරිසියා හිතුනා...මොකද මට ඔයාගෙ ඔය ලස්සන තොල් අස්සෙ ඒ විදියට දඟ කරන්න බෑ.... හේතුවක් නැතුවම මට බෑ.... ටිකෙන් ටික වැස්ස දරුණු වෙද්දි අපි වටේට මීදුමෙන් එතුණා.....ඒ මීදුමට අපිට අපිවත් නොපෙනෙන තරමයි... ඉතින් වෙන කාටවත් අපිව කොහොම පෙනෙන්නද ? සුදු පාටටත් වඩා රිදී පාටට බර වුණු , හිටිහැටියේ අහසින් කඩා පාත් වුණු මීදුම මට පෙනුනේ උඩ ඉඳන් කවුරුහරි උනා දමාපු සළු පටලයක් වගෙයි...

අපි ඒ සළු අතරේ මුළු ලෝකෙන් ම වහන් වෙලා.....

ඉතින්,

ඇයි අපිට බැරි මේ එන හුළඟටවත් නොදැනෙන්න චුට්ටක් හිනාවෙන්න.....?

මම හැම තිස්සෙම එහෙම හිතුවට මම මගෙ හිත තරම් එඩිතර නැහෑ.... මගෙ හිතට අනන්තයක් තාම් දුරට හිතන්න පුලුවන් වුණාට ඒ දේවල් නිකම් ම හිතළු විතරමයි....  සමහර විට ඒක නිසා ම වෙන්නැති කරන්න දේවල් දාහක් හිතේ තියාගනත් මටත් නොදැනිම පොඩි සිංදු කෑල්ලක්, කවි පදයක් විතරක් කටින් එළියට පැනලා ආදරේ ප්‍රකාශ කරන්න හිතුනේ... ටිකෙන් ටික අර මීදුම අතුරුදන් වෙද්දි.... මට ඔයාව නොපෙනිලා ගිහින්......  මම හිතන්නත් කලින් ඔයා යන්න ගිහින්....මීදුම එක්කම...? දුක මොකක් නිසා වත් නෙමෙයි... දරාගන්න බැරි ආදරේ මට පටවලා ඔයා ගෙ සුවඳ මා ගාව ඉතිරි කරලා ඔයා යන්න ගිය එක.....!!!!! මට දැනුයි මතක් වුනේ... මීදුම කියන්නෙ හරි මායාවක් බව...."

මට පේන දේවල් මායාවක් වුණත්....මම ඒ මායාවටත් ආසයි.....




A/N

ඔන්න නිසදැසේ සිද්දියත් පොඩි ලියුම් කෑල්ලකින් ගෙනාවා.... ආදරේ ගැන මං දන්න රෙද්දක් නෑ..... හැබැයි ඔය දැනුම මදැයි නෙහ් 🌚

You've reached the end of published parts.

⏰ Last updated: Nov 07 ⏰

Add this story to your Library to get notified about new parts!

Vintage  ( Poetry collection )Where stories live. Discover now