01.ආරම්භයෙහි සෙවීම...!

17 2 0
                                    


හායී

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

හායී...

මම තෙහාස්... මම ටිකක් උසයී, ඒ කියන්නේ ගොඩාක් උසත් නෑ ඒත් පොඩි උසක් තියෙනව... ඒ වගේම මම ටිකක් සුදුයි.. ඔයාලට මාව මවාගන්න ඔනේ නම් බලන්නකෝ ඔය උඩ ඉන්න anime character එක දිහා... එයා ටිකක් මම වගේ.

හැම දේම පටන් ගත්තේ සතියක මුලින්ම ඉදන්... ඒ සදුද දවසක්. මම මගේ කතාව ස්කෝලේ පටන් ගැම්මත් එක්කම පටන් ගන්නම්.. ඔන්න ඉතින් එදත් පන්සිල් කිව්වේ අපේ පන්තියේ.. මම ටිකක් අහින්සකයි වගේ හිටියට ටිකක් දග dial එකක් අතුලතින්. ඉතින් මම පන්සිල් කියද්දි මගෙ ඉස්සරහ මගෙ යාලුවෙක් හිටියා.. මට හොදට මතකයි. ඉතින් ඌ ඉස්සරහ හැරිල ඉන්න නිසා උගෙ ඉලුවට දෙකක් ගහන්න හිතුන.. දන්නවනේ ඉතින් අත පය තියන් ඉන්න බෑ..

තටාන්....!

"ආව්...! මොනවද කරන්නේ ආ කව්ද ඒ?"

"උබට වැඩක් නැහැනේ කව්ද ගැහුවේ කියල ආ...!" මම පොඩ්ඩක් තදින් අහුව dial එකගෙන්.. මොනා උනත් මට මාර කරුමයක් තියෙන්නේ.. වෙනද වගේම තමා මම කරන දේ විතරක් අපෙ පන්තිභාර සර් ට පේනවා..

"ඔය සුදු කොන්ඩෙ ඉත්තෑ කූරු වගේ තියෙන එකා, ඕ ඕ උබට තමා කතා කරන්නේ, කිරිපනු ගාය හැදිලද උබට? ඉස්සරහට වරෙන්.. " මම ඉතින් කිසිම දෙයක් කියන්නෙ නැතුව අහින්සක විදියට ගියා පන්තිය ඉස්සරහට...

"මෙන්න මෙතන ඉදන් පන්සිල ගන්නව...!"

"මොන මල කරදරයක් උනාද බන් මේක... ආය මොකක් හරි කිව්වොත් නම් මම යනව එලියට..." මම එවෙලෙ මටම කියා ගත්තා..

ඔන්න ඉතින් පන්සිල් අරගෙනත් ඉවරයි...

" අපොයි දෙයියනේ..! අද උදේම combined maths අදත් ඉතින් උදේම අවිල්ල ට්‍රක පන්නලා යයි. " මම ඉතින් මගෙ එහා පැත්තෙ ඉන්න යාලුවාට කිව්වා..මගෙ යාලුවාගෙ නම තනුක .dial එක ටිකක් මහතයි,කලුයි.. අප්පෝ ඔව් වෙන මහත එව්න් වගේම කොටයි.උට කට තියෙනවා ගමකට ගහන්න ඒත් ගහගන්න ගියාම මෙලෝ මගුලක් බෑ.. ඉතින් මම ඒක කිව්වට පස්සෙ dial එක කිසිම උත්තරයක් දුන්නෙ නෑ.. මොකද ඌත් හිටියෙ මම වගේම මොකද කරන්නේ හිත හිත කල්පනා කර කර. වෙලාව උදේ 10.26යි..

"අම්මේ... ! තව 4 min වලින් මට මේ වදකාගාරෙන් 30 min වලට ගැලවෙන්න පුලුවන්..." මම මටම කොදුර ගත්තා...

සන්ද යට රහස | Sinhala Love Storyحيث تعيش القصص. اكتشف الآن