අනේ අම්මා සීතලයිනෙ..මටනම් බෑ මෙහෙ ඉන්න ."ශෙවෝන්...කට වහගෙන එනවා.කොහොමත් දැන් සීතලට පුරුදු වියන් මොකද බදුල්ලෙ නොයිදපු එකෙක්ද ?"
ශෙවෝන් හිටගෙන හිටියෙ තට්ටු දෙකේ ලස්සන ගෙදරක් ඉස්සරහා. ඒක ශෙවෝන්ලගෙ අලුත් ගෙදර කිව්වත් වැරදි නෑ.ගෙදර ඉස්සරහා පොඩි පොඩි මල් පැල වවලා ගෙදර තවත් ලස්සන කරලා තිබ්බා. හැබැයි මල්ලිව තුරුල් කරන් හිටපු ශෙවෝන්ට නම් බදුල්ලෙ නෙවෙයි නුවරඑළියේ ආවා වගේ හැගීමක් තමා ආවෙ.
"ශෙවෝන් ඔතන හිටන් ඉන්නෙ නැතුව බඩු ටික ගෙදරට දාන්න උදව් වෙනවා.."
දිනේශ් කියද්දි ශෙවෝන් එතනට ගියෙ බඩු ටික අදින්න..බඩු ඇදලා ඉවර වෙලා කෙලින්ම ශෙවෝන් ගෞරවී ලගට ගියේ එයාගෙ කාමරේ මොකක්ද අහන්න.
ගෞරවී කෙලින්ම තරමක් ලොකු කාමරෙයට ගිහින් ශෙවෝන්ට පෙන්නුවේ ශෙවෝනුත් පෙන්ගුවින් පැටියෙක් වගෙ සීතලේ තමන්ගෙ අම්මා පස්සෙ යද්දි.
"පුතෙ..මේ ලේන් එකේ අන්තිමට වගේ විලක් තියනවලු හෙට චුට්ටක් වටේ ඇවිදලා ඒකත් බලලා එන්නකො"
ගෞරවී කිව්වෙ ශෙවෝන්ට බදුල්ල චුට්ටක් හුරු කරන්න වෙන්නත් පුලුවන්. ඉතින් එහෙම කියනකොටම ශෙවෝන්ගෙ කට ඇඹුල් උනා.
"අනේ අම්මා මට බෑ අනෙ මෙහෙ මාර සීතලයිනෙ නාන්නෙ කොහොමද.මට බෑ මට ආයෙ කොළඹ යන්න ඕනි "
"ශෙවෝන් දැන් තාත්තත් කිව්වනෙ ... අවුරුදු දහයක්ම මෙහෙනෙ හිටියෙ මතක නැද්ද..දැන් කට වහගෙන වොශ් එකක් දාලා කන්න එන්න.."
"හරි හරි අප්පා...හැබැයි මට මෙහෙ සෙට් උනෙ නැත්තම් ආයෙ කොළඹටම ගිහින් දාන්න මාව."
........................................................
"දැන් උබලා දෙන්නම ඉන්නෙ බදුල්ලෙ...ශෙවෝන් උබට මතකයිනෙ බදුල්ල කොළබ වගේ නෙවෙයි."
ශෙවෝනුයි , ශෙවෝන්ගෙ මල්ලි දිවෝනුයි ඔලුව වැනුවෙ එකටම වගේ..
"දැන් අනිද්දා වෙද්දි ලෑස්ති වෙන්න ඉස්කෝලෙ යන්න. ශෙවෝන් උබ ගියපු ඉස්කෝලෙටමයි ආයෙ දාන්නෙ දෙන්නව අනිද්දා ඉදන් යන්න ලැස්ති වෙන්න මන් ප්‍රින්සිපල්ටත් කියලා තියෙන්නෙ"
දිනේශ් කියද්දි ශෙවෝන්ගෙයි දිවෝන්ගෙයි මූන ඇඹුල් වුනේ අලුත් ඉස්කෝලෙට යන්න තිබ්බ කම්මැලිකමට.
"අයියෝ තාත්තේ පරන ඉස්කෝලෙටනම් එපා.මූව දාන්න මන් වෙන එකකට යන්නම්."
ශෙවෝන් මූන ඇඹුල් කරගෙන කියද්දි ගෞරවී හිනාව නවත්තන් හිටියෙ හරි අමාරුවෙන්.
"ඇයි.. උබේ පරන යාලුවොත් ඇති.උබලා දෙන්නා ඒ ඉස්කෝලෙට තමා යන්නෙ ආයෙ කතා දෙකක් නෑ..අනික හෙට දෙන්නම චුට්ටක් වටේ ඇවිදලා එන්න ඕනි."
දිනේශ්ටත් තිබ්බෙ තමන්ගෙ පුතාලා දෙන්නා බදුල්ලට හුරු නැති වෙයි කියන බය.
"හරි හරි අප්පා..මන් යනවා නිදාගන්න "මල්ලි එනවා යන්න අයියා නිදිකරවන්නම්..."
එදා රෑ මල්ලිවත් එහාපැත්තෙ නිදිකරගෙන නිදාගෙන හිටිය ශෙවෝන් එකපාරම නැගිට්ටෙ තමන්ට හැමතිස්සෙම හීනෙන් පේන ඇස් දෙක හීනෙන් පෙනිල වෙන්න ඕන.බදුල්ලෙන් කොලඹට ආවත් හරි සතියකට සැරයක්වත් ඔය ඇස් දෙක ශෙවෝන්ට පේනවම තමයි.ආයෙ නිදාගන්න හිත නොතිබුණු ශෙවෝන් ජනේලෙන් පේන බැහැගෙන යන හද දිහා බලාගෙන හිත හිත හිටියෙ තමන්ගැනම.
ශිශ්‍යත්වෙ වෙනකන් බදුල්ලෙ ඉගෙනගත්ත ශෙවෝන් එකපාරටම කොලඹ පරිසරේකට පුරුදු වෙන්න සුද්ධ වෙනවා..කොලඹ යාලුවෝ හදාගෙන ශෙවෝන්ට කොලඹ comfortable උන හැටියෙම වගේ ආයෙමත් බදුල්ලට ගෙනත් දැම්මම ශෙවෝන් ආයෙ බදුල්ලට හුරු වෙන්නෙ කොහොමද? ආයෙ යාලුවෝ හදාගන්නෙ කොහොමද? අලුත් ඉස්කෝලෙ ලමයි මල්ලිට ගොතයා කියලා විහිලු කරද්දි එයා ඉවසන් ඉන්නෙ කොහොමද?ශෙවෝන්ගෙ හිතේ ලොකු යුද්ධයක්.
ශෙවෝන්ගෙ ලොකුම වස්තුව තමා එයාගෙ මල්ලි.ඒ උනාට ඒක ශෙවෝන් මල්ලිට පෙන්නුවේ නෑ මොකද ශෙවෝන් කියන්නෙ හැගීම් හංගන්න උපන් හපනෙක් නිසා.
කොලඹ ඉස්කෝලෙ ලමයි නම් මල්ලිට විහිලු කරේ නෑ .හැබැයි අලුත් ඉස්කෝලෙ ලමයි එහෙම කෙරුවොත්?.
ශෙවෝන්ට නම යාලුවෝ හදාගන්න බැරි වෙන එකක් නෑ මොකද ශිශ්‍යත්වෙ කාලෙ හිටපු යාලුවෝ තාම ඉස්කෝලෙ ඉන්න පුලුවන් නිසා.ඒත් මල්ලිට ?
ඒවා ගැන හිත හිත හිටපු ශෙවෝන්ට ජනෙල් පඩිය උඩම නින්ද ගිලිල්ලා තිබ්බා.........................................................................
ළමයි..හොදයිද කියාගෙන යන්න ඒයිලා.🙉 මේක ඕගොල්ලොන්ට non-fiction විදිහටත් කියවන්න පුලුවන්.
ආයෙ අලුත් චැපියකින් හම්බෙමු...
bully..🖋️