Chapter 03 🌷

24 3 3
                                    


BACK TO AUTHO'S POV....

ඔව්....ඒ හීනෙන් පේන ඇස් දෙක ශෙවෝන්ට මතක් උනේ ඇයිද කියලා දෙයියො තමා දන්නෙ.ශෙවෝන් ඒ පිරිමි ලමයා කවුද කියලා බලන්න හැදුවත් අනිත් පැත්ත හැරිලා ඉන්න නිසා කවුද කියලා බලන්න බැරි උනා.

ශෙවෝන්ට ඒ සින්දුව ඇහෙද්දි දෙයක් මතක් වෙන්න හැදුවත් මොකක්ද කියලා හරියටම මතකෙට එන්නෙ නෑ.අනික ඒ කටහඩේ හුරුපුරුදු බවක් තිබුනත් ශෙවෝන්ට ඒ කවුද කියලා මතකෙට ආවෙ නෑ.

ශෙවෝන්ව ඒ ලමයා දකින්න කලින් ශෙවෝන්ට යන්න ඕනි උනත් ඒ සින්දුවේ ලස්සන නිසාම ශෙවෝන් එතනට වෙලා අහගෙන හිටියා.

අවට පරිසරයෙ ලස්සනයි ඒ සින්දුවයි එකතු වෙලා හැදුවේ මායාකාරී දසුනක්.
ඉතින් ශෙවෝනුත් මැරතන් දුවන පපුව අතින් තද කරගෙන ඒක දිහා කට ඇරන් බලාගෙන ඉන්නවා.ඒ කටහඩ ශෙවෝන්ව වශී කරගන්නවා වගේ තමයි ශෙවෝන්ට දැනුනෙ..

ශෙවෝන් කට ඇරන් බලන් ඉද්දි සින්දුවත් ඉවර උනා.ශෙවෝන්ට යන්තමට පෙනුන විදිහට නම් ඒ ලමයා මොනා හරි දෙයක් දිහා බලාගෙන අඬනවා.ශෙවෝන් තව එහෙට මෙහෙට වෙලා ඒ මොකක්ද කියලා බලන්න හැදුවත් ශෙවෝන්ට ඒක පෙනුනෙ නෑ.
ඒත් එකපාරම ඒ ලමයා එයාගෙ අතේ තිබ්බ දේ ඉර එලියට අල්ලලා බලපු නිසා ශෙවෝන්ට ඒක පැහැදිලිවම පෙනුනා..

ඒක නිකන් බ්‍රේස්ලට් එකක් උනත් ඒක දකිද්දි ශෙවෝන් තව ටිකක් සුදුමැලි උනා.එහෙම්මම මල්ලිවත් වඩාගත්ත ශෙවෝන් දුවන එක නැවැත්තුවේ ගෙදර දොර ඉස්සරහදි.දිවෝනුත් උස්සගෙන දාඩියපෙරාගෙන හතිදාගෙන ආපු ශෙවෝන්ව දකිද්දි ගෞරවීත් බය උනා.

"ශෙවෝන්..ශෙවෝන් ..මොකද මේ ලමයෝ කතා කරන්නකො"

ශෙවෝන් ඇස් පිල්ලමක් වත් නොගහා පැත්තක් බලාගෙන හිටපු නිසා ගෞරවී තවත් බය වෙලා ශෙවෝන්ගෙ අතට එකක් ගහද්දි තමයි ශෙවෝන් ගැස්සිලා ගෞරවී දිහා බැලුවෙ.ඉතින් ශෙවෝන් මල්ලිව බිමින් තියලා ගෞරවීට උත්තර නොදී ගිහින් වතුර වීදුරුවක් එක හුස්මට ඉවර කරපු ශෙවෝන් කෙලින්ම කාමරේට ගිහින් දොර වහගෙන අතට ගත්තෙ අර ෆොටෝ එක.

........................................................................

"ගෞරවී මොකද මේ ළමයි කියන්නෙ?"
එවෙලෙ පවුලම වාඩි වෙලා හිටියෙ රෑ කෑම මේසෙට.

You've reached the end of published parts.

⏰ Last updated: 3 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

..LOTUS..Where stories live. Discover now