Chapter 01

44 3 1
                                    

"සුරාංගනී සුරාංගනී~
සුරංගනීට මාළු ගෙනාවා...
මාළු මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු
සුරංගනීට මාළු ගෙනාවා...

පස්ස පස්ස පස්ස සුරංගනීගේ පස්ස
සුරංගනීගේ ගේ පිටිපස්ස~...

ආ ආ...

බෝල බෝල බෝල සුරංගනීගේ බෝල
සුරංගනීගේ සම්බෝල~..."

පන්තියේ ජනෙල් ටිකත් වහලා දොරත් වහගෙන මුළු පන්තිය ම දෙදරන්න ඩෙස්කවලටත් තට්ටු දදා අපේ කොල්ලෝ සිංදු කිව්වා නෙවෙයි බෙරිහන් දුන්නා.මාසෙකට විතර පස්සේ තමා මේ අපි ඔක්කොම එකට සෙට් වුණේ.O/l ලියලා ඉවර කරත් හරි results එනකන් මාස තුන හතරක් ගෙදරට වෙලා free එකේ ආතල් එකක් ගන්න හිතුවත් ඒ හිතපු තරම් මෙව්වා එකක් නැති වුණේ මං ගෙදරට හිටපු එකම one & only පුත්‍ර රත්නය නිසා වෙන්නැති.අපේ මේ කොල්ලෝ ටික නැතුව මොන ආතල්ද සුද්දාහ්?
අපි හිටියේ, අපි අවුරුදු දෙකහමාරක් තිස්සේ පිස්සු නටපු අපේ 11-D පන්තියේ.තාම අපේ ක්ලාස් රූම් එක පොඩි පගයොන්ට ලියලා දීලා නෑ.මම නම් පට්ට ආසයි මේ පන්තියේ හිටපු කාලෙට...
දුලිතයා කොහෙන්ද හොයා ගත්ත කවකටු පෙට්ටියකට තඩිබාද්දි මං හිටියේ මෙවීනයාව ඔඩොක්කුවේ තියාගෙන...

"සුරාං-"

"ඒයි මොකද උඹලගේ සද්දේ...උදේ පාන්දරම පටන් ගත්තද බජව්ව?"

එකපාරටම පන්තියේ දොර පැත්තෙන් ආවේ සිංහ ගර්ජනයක් නෙමෙයි අපේ DHP තිසාක්‍ය අයියාගේ සුමිහිරි කටහඬ...අරේ වාහ්!කනට මී පැණි බාල්දියකින් ගැහුවා වගේ.

"අඩේ අයියේ අපි මේ ඉස්කෝලේ ප්‍රබෝධමත් කරන්න හදන්නේ බන්.බලනවකෝ අපි දවස් කීයද නැති වුණේ මුළු ඉස්කෝලේ ම පාළුවට ගිහින් සොහොනක් වගේ."

දුලිත් පගයා එහෙම කියාගෙන නැගිට්ටේ ඉනට අත් දෙකත් තියාගෙන.

"අනේ ඔව්.මෙහෙ උන් ටික අඬපු නැති ටික විතරයි උඹලා ගිය නිසා.ප්‍රබෝධමත් කිරිල්ල මං කියන්නෑ...
උඹලව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කලින් කටවල් වහගෙන පාඩුවේ ඉඳහන් program එකට එන්න කියනකන්."

පන්තියේ එවුන්ගේ මූණවල් හතළිහ scan කරන්න වගේ හැමෝම දිහා බලන ගමන් සිස්ස නායක අයියා එහෙම කියනකොට ඔක්කොම කටවල් වහගත්තේ උගේ වොයිස් එකට බයේ මිසක් ප්‍රින්සිපල් ගාවට යන්න තියෙන බයකට නෙවේ.

Hibiscus-සපත්තු මල්Where stories live. Discover now