Chapter 02

39 3 0
                                    

කැඩෙට් කරපු එකෙක්ගේ අතින් හොඳ පාරක් කෑවම දැනෙන සුරසැප විඳින ගමන් තමයි මං ඉන්නේ..ඒ අස්සේ ඒකා අහනවා රිදුණද මල්ලේහ් කියලා...
උගේ කටහඬින් මට ඌව අඳුරගන්න පුළුවන් බම්ලා...

"තොට පෛත්තියම්ද අයියේ?පැත්තකට වෙලා හිටපු මට ගහලා රිදුණද අහන්නේ තව..?පිස්සු උත්තා!"

චික්කේ!මගේ කටහඬ!
ඒ ටික මට කියවුණේ ඇඬිලා වගේ...ඇස් දෙකට කඳුළු පොඩ්ඩක් ආවා තමයි.ඒත් මං "අනෙහ් මට රිද්දන්නේ ඇයි මගේ අයියේ ඉම්හි ඉම්හි" ගගා කෙල්ලක් වගේ ඇඬුවේ නෑනේ.
ඊයා එහෙම හිතනකොටත් විළි ලැජ්ජයි සුද්දාහ්!

"යුවින් උඹ අඬනවද මල්ලි?මං තට්ටුවක්නෙ දැම්මේ බං.ෂිඃ...සොරි මල්ලි..."

"උඹට මාව පේන්නේ හොටු කෙල්ලෙක් වගේද පූර්ණ අයියේ?කවුද දැන් ඇඬුවේ කියපන්කෝ?"

පූර්ණ අයියා අපිට වඩා අවුරුද්දක් වැඩිමල් බයෝ එකේ කොල්ලෙක්.මූ මීට කලින් කැඩෙට් එකේ හිටපු නිසා මුළු ඉස්කෝලේ ම මූව දන්නැති කෙනෙක් නැහැ.

"හරි හරි සොරි සොරි...මෙතන කවුරුත් ඇඬුවේත් නෑ මං උඹට ගැහුවෙත් නෑ...හරිනේ?"

"ම්ම්...හැබැයි උඹේ අතේ ඇඟිලි පාරක් හරි මගේ පිටේ තිබ්බොත් තෝ ඉවරයි කියලා හිතා ගනින්"

"හම්මට! උඹේ මිනිහා මට නෙළයිද දන්නෑ බං ම-"

"හෝව් හෝව්...කවුද මගේ මිනිහා?"

"ඇයි දන්නෙ ම නැද්ද?"

"දන්නේ නැති නිසා තමයි අහන්නේ.."

මන්වත් දන්නෑ මට මිනිහෙක් ඉන්නවා කියලා.

"ඔයාට වැරදුණා පූර්ණ මල්ලි..ඒ මෙයාගේ මිනිහා නෙවෙයි ඒ මෙයාගේ අඹුව..බිරිඳ..නෝනා..වයිෆ්..."

ඒ පාර මැදින් පැන්නේ රිතික් අයියා.යකෝ මූ පැත්තකට වෙලා ඉඳන් අපේ කතාවට කන්දීගෙනද ඉඳලා තියෙන්නේ...මං හිතුවේ ඌ ෆයිල් එකේ කරන වැඩේට සමවැදිලා ඉන්නේ කියලා...මට‍යි වැරදුණේ...

"අමෝර් අමෝර් එහෙමත් එකක්ද?හහ් හහ් හා හහ් හා"

අපෝ මුගේ හිනාවේ කැත...

"අනේ මේ රිතික් රොසාන් උඹ පැත්තකට වෙලා ඉන්නවකෝ පැන පැන දෙන්නේ නැතුව...පූර්ණ අයියේ තෝත් ඔය බලු හිනාව නවත්තගනින්..."

Hibiscus-සපත්තු මල්Where stories live. Discover now