"පාරේ තව මිනිස්සු යනවා කියලා දන්නැද්ද පිස්සු පගෙක් වගේ දුවන්නේ?"
ඒ පගා ඉංග්‍රීසියෙන් කෑගැහුවේ හරියට මං හිතලා ගිහින් උගේ ඇඟේ වැදුණා වගේ...මාත් ඒ ටොන් එකෙන්ම පොඩි සද්දයක් දැම්මේ ඒ නිසා...
"උඹනේ පාර මැද්දට පැන්නේ මං එනකොට..."
"ඇයි තෝ එනකොට පාරේ ඉඩදෙන්න උඹ සනත් නිසාන්තද පොට්ටයෝ...!"
"අනේ සුදූ නවත්තනවා...මේ මහ පාර"
මට නහුතෙට තද වෙලා හිටියේ.මේ වගේ එව්වෝ දැක්කම මගේ අත් නළියනවා හොඳවායින් දෙකක් අනින්න.ඒ අස්සේ කේසලාත් බෙරිහන් දෙනවා අතේ එල්ලීගෙන...
"උඹේ සුදාම්මිත් බය වෙලා...වසලයා වගේ පාරේ ලව් කරනවා"
කට කොනෙන් නක්කලේට හිනාවෙවී කියනකොට මට උගේ මූණත්තහඩුව තහඩුවක් වෙන්නම තලන්න හිතුණා.මගේ අත්මිට මෙළවුණා...
"මොක්කද තෝ කිව්වේ...?මං වාසල නම් තෝ මේනකා...උඹ දන්නෑ මගේ හැටි කැ*යා!"
මං ඌට ගහන්න අඩියක් ඉස්සරහට තියන්න හදනකොටම කේසලා පාරේ ගිය ත්‍රීවිල් එකක් නවත්තගෙන මාව ඇදගෙන ගිහින් ඒකට නැග්ගා.මේකි මගේ අත කොනිත්තගෙන හිටියේ.මං ආයේ ඌ හිටපු පැත්තවත් බැලුවේ නෑ.මං කේසලාගේ අත ගසලා මගේ අත්වලින් මගේ කකුල් දෙකට ගහගෙන ගහගෙන ගියා.
මට කේන්තියි දෙයියනේ!
ෂිට්!මම ඒ පගයාට බිම දාගෙන ගහනවා ඉහින් කටින් ලේ එන්නම...ඒත් ඒ මහ පාර...තව කේසලාත් මාත් එක්ක හිටියා...බොරුවට අනවශ්‍ය අවධානයක් ගන්න මට ඕන නෑ.මං තාම යුනිෆෝර්ම් එකෙන්..අනික මේවා තාත්තට ආරංචි වුණොත් මං ඉඳලා ඉවරයි...
ෂිට්!මට ඌව දෙකට ඉරන්න තරම් කේන්තියි...මං නොකරපු ලබ්බවල් කියලා මට පාට් එක දැම්මා ඌ....
ආර්ර්රහ්ෂ්...."මොනාද සුදු මල්ලි ඔයා අර කොල්ලා ඉස්සරහ කියෙව්වේ ආ?"
"ඇයි ඌට හොඳින් කතා කරන්නද කියන්නේ?දැක්කනේ උගේ පාට් එක..."
"කුණුහරපයක් කියන එක ඊට වඩා නම්බුයි හලෝ..!ඔයා මොකක්ද නිසාන්ත ගැනයි තව මේනකායි වාසලයෙකුයි ගැන කියෙව්වේ...මටත් එක්ක ලැජ්ජ හිතුණා...ඒව්"
YOU ARE READING
Hibiscus-සපත්තු මල්
Fanfiction"උඹ මගේ සපත්තු මල...හැමදාම මං ගාවම පිපෙනවාද...?" - භූමි 🥀 "මගේ ජීවීතේට තාලයක් දුන්න මගේ ගෙජ්ජිය උඹ..." - කාල 🥀 "මගේ ලස්සන කෝපි මල...ඊළඟ සැරේ මට කලින් මාව හොයාගෙන එන්න පුළුවන්ද..?" - තාදි 🥀 "මයේ කුරුඳු පාට මැණිකේ...මට සමාව දියන් රත්තරන්..." - මේඝ...