හායි හායි හායි....
මම සහස්යා...මේක මගේ කතාව ...
ඉතින් මාත් එක්ක 2020 මැද බාගයට යමු. එතකොට මම 10 වසරේ. ඒ කාලේ තමා මම තාමත් ආදරේ කරන තාමත් මට තාමත් හීනෙන් පේන ඒ ලස්සන අහිංසක ( අහිංසකයි කියලා හිතන් හිටපු 😂) මූන දකින්න ලැබුනේ.
එයා නමින් ෂෙවෝන්. උස කෙට්ටු ඇහිබැම හරි ඝනව තිබ්බ ලස්සන කොල්ලෙක්. Physical features නම් මම හිතන් හිටපු රූපෙමයි. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ මට ඒ මූන දැක්කාම මොනා හිතෙන්න ඇතිද කියලා.
ඔන්න ඉතින් එයා අපේ maths clz එකට අලුතින් එදා තමා ඇවිත් තියෙන්නේ. වාසනාවට එයාගේ යාලුවා මගෙත් යාලුවෙක්. එයා සවිදු . මෙහෙම කතාවක් ලියද්දි අනිවාරෙන් ඉතින් කෙල්ලටත් යාලුවෙක් ඉන්න එපැයි. ඒ වගේම ඉතින් මටත් එහෙම යාලුවෙක් හිටියා..ඒ මගේ හොදම යාලුවා පසිනි.
ඉතින් සවී මටයි පසීටයි ෂෙවෝන්ව අදුන්වලා දුන්නා.එයා හිටියේ මේසෙට ඔලුව තියන්. මටත් ඉතින් ඉන්න බෑනේ. පිටට තට්ටුවක් දාලා මම ඇහුවා ,
"මොකෝ ඔලුව තියන්..කෙල්ල වගේනේ අප්පා.. පොඩ්ඩක් ඔලුව උස්සලා ඉන්නකෝ..."
කොල්ලා හිනා උනා විතරයි .ටිකකින් ආපහු ඔලුව තියා ගත්තා. මට නං ඉතින් ඒ හිනාවත් ඇති.. අනේ මගේ හදවත..ඉතින් කොහොමහරි ඒ දවස එහෙම ගෙවිලා ගියා..ඔහොම ටික දවසක් ගෙවිලා ගියා..ඔන්න දවසක් මම අපේ අයියාගේ ෆෝන් එකේ whatsapp එකේ දැක්කා ෂෙවෝන් කියලා නමක්. ඔන්න ඉතින් දැන් මාව නලියනවා ඒ මගේ ෂෙවෝන්ම ද කියලා හොයා ගන්න...ඉතින් ෂේප් එකේ අයියාට බටර් පාරක් ගාලා අහ ගත්තා..බලද්දි දෙන්නා යාලුවෝ. එකම ඉස්කෝලේ. Athletic කරනවා දෙන්නාම.. ඒකෙන් තමා සෙට් වෙලා තියෙන්නේ..
Meanwhile මගේ හිත : " Mmm....Nice shot Baba "
මල් හතයි. කෙලින්ම නම්බර් එක ඉල්ලන්නත් බෑනේ..ටික දවසක් යන්න දීලා මම ඔන්න කොහොමහරි නම්බර් එක ගත්තා.
දැන් තමා ඉතින් හොදම කතාව පටන් ගන්නේ ...
චුට්ටක් ඉන්ටකෝ...
මේක මගේ පළවෙනි කතාව..ඒකත් මගේම කතාව.
ඔයාලාගේ අදහස් මට කියන්න...ආදරෙයි හැමෝටම 🌹
YOU ARE READING
Just Forget Me !
Romanceමිනිස්සු වෙනස් වෙන්නේ හරියට කාළගුණේ වගේ කියලා තේරෙන්න මෙච්චර කල් යයි කියලා හිතුවද ?