මාත් එහෙම පිටිපස්ස හැරිලා දොර වහලා දැම්මා.
මැරෙන්න සීතලයි නේ අප්පා 🥶🥶🥶 , දත් ටිකත් ටක ටක ගාලා එකට වදිනවා.
"මේ සීතලේ නාන්න පුළුවන් ද චූටී ... "
" ඇහ් ... " මේකා මේ මම කිව්වේ ගිවන්ත අයිය මේ දැන් මට කිව්වේ චූටි කියලා ද ? ...
එක්කො මගෙ කන් වල දෝසයක් දත කටම පූට්ටු වෙද්දී මට උත්තර දිදී ඉන්න පුළුවන් උනෙ නෑ ... ටවල් එකක් විතරක් ඇදන් හිටපු නිසා තව සීතල වැඩියෙන් දැනෙනවද කොහෙද ?මම ගාල කඩාගත්ත හරකා වගේ කාමරයට දිව්වා. ලැජ්ජාවකට නෙවෙයි සීතලට.
ඉස්කෝලේ හාමිනේගෙ බාල මුණුපුරා සීතලට වලකජ්ජ ගහලා කියලා පත්තරවල යන්න ඕන නැති නිසා ඉක්මනට කාමරයට පැනලා ඇදුමක් දාගත්තා. කණ්ණාඩි මේසේ ලගට ඇවිත් ආයෙත් පොඩ්ඩක් මූණ බැලුවා ලස්සනයි තමයි. මේක කණ්ණාඩි මේසයක් කිව්වට ඒක නිකන් කුණු ගොඩක් වගේ හම ගියපු බාප්පාගෙ පර්ස් එක තියෙනවා තව වාහනේ යතුරු ,මාරු සල්ලි , පොත් පෑන් , ක්රීම් බෝතල් , හිස් ඒවා අලුත් ඒවා , පත්තර නැති දෙයක් නෑ ... මාත් පොඩ්ඩක් ඉතින් එහෙම ම බිම වාඩි වෙලා තියෙන්නේ මොනාද කියලා අවුස්ස අවුස්ස බැලුවා.
බාප්පාගෙ ගමන් මල්ලත් තියෙනවා ඒකටත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. නිකන් ඔය හපන්න දෙයක් හරි තියෙනවා ද කියලා බලන්න. අම්මට සිරි තියෙනවා පොඩි මල්ලක් ඒකත් හිමීන් සැරේ ඇදලා බලද්දී එකකට නම් සෙලෝටේප් ගහලා ඒක නම් කඩන්න හොඳ නෑ ... පව්නෙ කෙල්ල වෙන්න ඇති දෙන්න ඇත්තේ.. මේ අනිත් පෙට්ටිය මොකක් ද 🤨 කියලාත් බැලුවා ඒක නම් පැක් කරලා නෑ ..ම්ම්ම්.. perfume එකක් යසයි යසයි. දැන් නම් සීයට දාහක් ශුවර් මේ මනුස්සයට ලව් එකක් තියෙනවා කියලා. බාප්පා උනත් දැන් ඉස්සරහ වගෙ නෙවෙයි පොඩ්ඩක් අලු ගසලා අනංගයා වගේ 🫠 ඉන්නේ ,
ඒ..ක සුදු පාට පොඩි lid එකක් තියෙන පොඩ්ඩක් ලොකු කොටු වීදුරු බෝතලයක් සුවද ද දන්නේ නෑ කියලා පොඩ්ඩක් අතට ගහගෙන බෝතලය පැත්තකින් තිබ්බා.
" අම්මොහ්...හ් සුවද "
Jasmine සුවදයි. . අතට ගහ ගත්ත ටිකත් ඇදන් හිටපු කලිසමේ පිහිද ගත්තේ.බාප්පාට අහු උනොත් හරි නෑ නේ ...