අර ගංකබරයො දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගෙදර එද්දී මූණට හම්බ උනේ නැති නිසා පරිස්සමෙන් ගෙදරට එන්න පුළුවන් උනා කිව්වොත් හරි. ගෙදර එද්දී රමණි නැන්දා වැඩ කරන කඩේ පැත්තටත් ඔලුව දාලා හිනාවක් දාගෙන ආවා. ☺️මම දන්න කාලේ ඉදන් ම ආත්තම්මගෙ ගෙදර තමයි එයා හිටියෙ ඊට පස්සෙ බාප්පාගෙ කරදරේට මාතරට ආවේ. රමණි නැන්දා පණ ඇරලා බාප්පාට ආදරෙයි. පොඩි කාලේ ඉදන් ම බලාගත්තතෙ එයා කියලා දවසක් කිව්වා. මම හිටිය කියලාත් ලොකු කතාබහක් නැති නිසා පාළු ඇති. මටත් එහෙමයි කියලා කතා කරන්න මාතෘකාවක් තිබ්බෙ නෑ .... සමහර වෙලාවට මාත් ඔය කෝපි එකක් බොන ගමන් ඔය කියන ඕපාදූපයක් අහන් හ්ම් හ්ම් කිව්වාට මොකද එකක්වත් මගෙ ඔලුවට ගියේ නෑ ... ගෙදර ආපු ගමන් කලේ පුස්තකාලෙන් ගෙනාපු පොත් දෙකෙන් මුලින්ම කියවන්නෙ මොකක් ද කියලා තෝරගන්න බැරිව ගෙනාව පොත්වල මැද කවර, පිටකවර බලපු එක, එක පොතක් Heidi අනිත් එක Xena: Warrior Princess මුලින්ම Xena කියවන්න පටන් ගත්තා. රෑට කන්නෙත් නැති ව දහය විතර වෙද්දී පොතේ භාගයක් කියවගන්න පුළුවන් උනා. Gabrielleටත් හිතින් ලස්සන කෙල්ලෙක් මවාගෙන කියෙව්වා.
රමණි නැන්දා සැරින් සැරේ ඇවිත් කන්නෙ නැද්ද ? කන්නෙ නැද්ද කියලා අහද්දි නෑ නෑ කන්නෙම නෑ කිව්වට මොකද දැන් නම් ඉවසගන්න බැරි විදියට බඩගිනි. කුස්සියට රිංගලා වහල තිබ්බ හට්ටි වලං පෙරලගෙන බත් කෑවා. ආයෙත් ඉතින් ඒවාත් වහලා දාලා වතුර බෝතලයකුත් පුරවගෙන කාමරයට ඇවිත් ලයිට් එකත් ඕෆ් කරලා නිදාගන්න ලෑස්ති උනේ පොත කියවන්න ඕන උනත් ඇස් දෙක ඇරගෙන තව තත්පරයක් වත් ඉන්න බැරි ලයින් එකක් තිබ්බ නිසා.
ඇදට හතරගාතේ දාලා වැටෙනවා මතකයි. නින්ද යනවා නම් මතකම නෑ ....
..................................................................උදේ පාන්දර ජනෙලෙකට තඩි බාන සද්දයකට
නැගිටුනා මිසක දවසම උනත් නිදාගන්න
පුළුවන්කමක් ඒ වෙලාවෙ තිබ්බෙ. බලද්දී ඉදලත්
අතේ තියන් රමණි ජනේලෙට වැඩලා 🤣. එහෙම
කිව්වට මම රමණි නැන්දාට බොක්කෙන්ම ආදරෙයි.
ඊට දහගුණයක් වැඩියෙන් බාප්පොච්චට ආදරෙයි.
තව ඉල්ලන සැනෙකින් සල්ලි දෙන නිසායි, ඉන්න තැනක් දීලා තියෙන නිසා....යි අර කලින් කිව්වා
ආදරෙ ගානට ඊට තව පොඩ්ඩක් ආදරෙ එකතු කරනවා නැතිනම් පව් නේ. ආදරෙ උනත් බැලන්ස් එකේ කරන්න ඕන.