රාව සුසුම් 🌿
Episode 01
දිල් රූ අශික සමරදිවාකර නිවසින් ප්‍රපෝසල් එකක් ආවා. ඒ දිල් රූ ට මාව මැරි කරන්න ඕනලු..
මගෙ අප්පච්චිගෙ හොදම යාළුවා නිරුධ අන්කල් එයාගෙ ලොකු පුතාව මට ප්‍රපෝස් කලේ දිල් රූ සමරදිවාකර ට ගැලපෙන එකම කෙනා සංවරී මයි කියල. නිරුධ අන්කල් එදා ඒ විදියට කිව්වෙ ඇයි කියල නම් මම අදටත් දන්නෙ නෑ..
මොනව උනත් විවාහය කියන වගකීම වෙනුවෙන් තියෙන බය වගේම දිල් රූ අයියට තියෙන බය නිසා මේ යෝජනාවට අකමැත්තක් තිබුනත් ඒ හේතු ඉස්සරහට දාල මේ මැරේජ් එක නවත්තන්න මට පුලුවන් කමක් නැහැ....මොකද මගේ අම්මා මම දෙගෙඩියාවෙන් ඉන්න හැම වෙලාවකම කිව්වෙ කවද හරි දවසක ඒ බැදීමට, වගකීමට මූණ දෙන්න වෙනවා ඒ නිසා ශක්තිමත් වෙලා බය නැතුව ඉන්න කියලයි..
YOU ARE READING
රාව සුසුම්
Romanceසුසුම් රාවයකි.. සෙනෙහස හමුවේ නැඟී සිටිනා , පිරිමි නැකතක උපන් ඈ රැයක දවාලක වෙනසක් නොහදුනයි... ඇය සංවරී නිවස්නා... ඔහු දිල් රූ අශික... වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඈ පිරිමි නැකතක උපන් නිර්භීත ලඳකි.. රාව සුසුම් 🌿 ✍️හිරූ හේවගේ