මහාමේඝවත්ත පාරෙට හැරුනම තියන රටේ මුල් පුරවැසියගේ නාමෙන් තිබූ පාසලේ මැද තියනවා මැද මිදුලක්. ඒකේ තියනවා ලස්සන මල්. හරියට අපේ ගෙදර වගේ. ගෙවත්තේ මල් ගොඩක් තිබ්බට, ගෙදරට ම ඉන්න එකම ළමයා මන්, සවේන් දෙනෙත් පෙරේරා. වෙස් තිබ්බට, මට මඟුල් නටන්න විතරලු පුලුවන්. එහෙම තමයි අම්මා කිව්වේ. ඒත් එහෙම්මම නෑ. සාමාන්‍යයෙන් ඉගන ගන්නත් පුලුවන් ඒ කාලේ. මැද හරියේ හිටියා. ඒත් දැන් ඒකත් නෑ. නටන්නෙත් නෑ. නැටුම් කාමරේ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ. වෙස් තියලා අවුරුද්දක්වත් ගියේ නෑ. ඒත් මට දැන් නටන්න ඕන නෑ.
මට ඕන බෙල් එක ගහනකන් කොහෙට වෙලා
හරි හැංගිලා ඉඳලා මැඩම් පන්තියට ආවම හෙමින් සැරේ ගිහින් අන්තිම ඩෙස්ක් එකේ තනියෙන් ඉඳගන්න. මොකද දැන් මන් ඉන්නේ තනියෙන්. ඊයේ උන සිද්දියෙන් පස්සේ මන් ඉස්කෝලේ එන්නේ නෑ කියලා හිත හදාගත්තත්, ගෙදර ගියත් ඒ සෙතේමයි. ඉස්කෝලේ හැංගිලා ඉන්න හරි තැන් තියනවා. ගෙදර එහෙමත් නෑ. මන් සම්පූර්ණයෙන් බෝඩිං කාරයෙක් ගානට වැටිලා හිටියත්, තාත්තා මූණට හම්බුනොත් මිදුලට පවා කෙල ගහලා ගියා.මෙතුල, අයුශ්, සවේන් කියන්නේ, තුර්ශ, දේශාන්, සඳරු ට පස්සේ ඉස්කෝලේ හොල්ලන් හිටපු තුන් කට්ටුවක්. ඒත් ඊයේ මන් මෙතුල ළඟින් ඉඳගන්න ගියාම,
"අඩෝ මහ ඒස පුසුඹක් එනවා නේද බන්?"
"ඒක නේන්නම්! කවුරු හරි ඒස බඩුවක් පු$ දීලා වගේ"
"ආ ඒ සවී නේ, අයුශ්ගේ නගර සෝබනී! අප්පිරියයි යකෝ!"
"මෙතුල උඹට ගේ කුරුලු වසගතේ බෝවෙයි හොඳේ!"
එච්චරමයි ඊයේ දවසට ඇහුවේ. ඉස්කෝලේ අන්තිම බෙල් එක ගහනකන්ම මන් හිටියේ පිට්ටනියේ කොනේම තිබ්බ ගම් ගෙදර ඇතුලේ. කොයි තරම් ඇඬුවත් මදි. කොයි තරම් හීල්ලුවත් මදි. ඒත් දැන් මට ඒ දෙකම කරන්න බෑ. මට අඬන්න ඕන වුනත් ඇඬෙන්නේ නෑ.
"අඬන්න එපා සවේන්! පිරිමියෙක් වගේ හැසිරියන්! ජාතක කල අපිටත් ලැජ්ජයි! ආයේ තෝ මේ ගේ අස්සේ ඇඬුවොත් තොටත් යන්න තැනක් හොයා ගනිං!" තාත්තා කාමරේ අස්සට ඔලුව දාලා කියෝලා ගියේ දවස් ගානක්ම කන්නෙවත් නැතුබ අඬ අඬ හිටපු ඇඬුමට තිත තියලා.
YOU ARE READING
වරමාතී සුභ චරිතේ
Non-Fiction'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....