ආආආ තව ටිකායි.. 3... 2... 1...
"අපේ දෙය්යෝ... හපෙ හප්පේ මයෙ පපුවත් ඩිංගිත්තකට නතර උනා..මේ තරුන ගැටිස්සියො දෙන්නෙක් මේ කොල්ලුවො ටිකක් අස්සෙය ආවේ.."
"අනේ ආච්චියේ අපි කොටලුවො නන් නෙවේ..නේ බං සයාන්"
"එවෝන් ඔය ඇති මේක පිට තැනක්.."
"ඒකනෙ බං.. මොන පැත්තෙන්ද දන්නෑ කකුල් හතර පේන්නෙ.."
"සයාන්.."
"ආච්චි.. මෙහෙ ආච්චිලා නෑ...අනේ මේ ගැට- පොඩ්ඩක් ඉදින් පොඩ්ඩක් ඉදින්... මේ ලමයා..සයාන් කීවේ මේකා.."
"අ..ආ.. න්න්..නෑ නෑ ලොකු ආත්තම්මේ...ඒ මල්ලි-"
"එයා සයාන් ලොකු ආත්තම්මේ..සයාන් ආරීස් මොහොම්මද්..මොකද්ද ප්‍රශ්නෙ ම්ම්"
වෙනදා වගේම අහේතුකව මගේ ඇතුලෙ ඉන්න නිලමෙ පෞරුෂයක් තියෙන චරිතය මේ වලව්වට පය ගැහුව ගමන් උඩට එනවා..
කෙලින් ගමන ඇස් වලට සමාන්තර ව කෙලින් කතාව ගැඹුරු සිංහල භාශාව සේරමත් හරි මගේ කටහඬ මෙවෙලෙට හරි ගැඹුරුයි කියලා මටත් හිතිලා තියෙන වෙලාවල් ඒ කාලෙ තිබුනා... දැන් මෙයාගෙ ප්‍රශ්නෙ මගේ යාලුවනං කෙලින් කතාව විතරක් නෙවේ කෙලින් වැඩත් මට යොදා ගන්න පුලුවන්..එදත් අදත් වගේ ලොකු අත්ත්ම්මා එහෙමත් නැත්තං අපෙ ලොකු සීයාගෙ මහ මැණිකෙ...
ලොකූ බාල්දියක් අතේ වගෙයි..ලොකු සීයා නැති වෙලා දැන් ලොකු කාලයක් වෙනවා.. ඇත්තු නාවනවා බලන්න ගිහින් කරඬුව ගෙනියන ඇතා ගහල ඩෑල් එක එතනම පරලොවට ලෙෆ්ට් උනා... මේ එයැයිගෙ මහ උන්දැ.. ලොකු අත්තම්මා හෙවත් බාල්දි අම්මණ්ඩි...
අපේ පවුලේ හමෝමල්ලම වැඩි පුරම ගරු කරන්නෙ සීයා තාත්තා ට.. ලොකු සීයා ඉදියත් සීයාතාත්තගෙ වගේ කෙලින් පෞරුෂයක් ඒ කාලෙ කාටවත් තිබ්බෙ නැතිලු... ඒ පෞරුෂය මට පිහිටල කියල කියන්නෙ මෙයාලා... ඒ කාලෙ සීයා ගමේ වයස් බේද නැතුව කෙල්ලොන්ගෙ සිහින කුමාරයයි කියන්නෙ... සිහින කෙසේවෙතත් කලු කුමාර දිස්ටිය වගේ මට නං පොඩි කාලෙ ඉදන් පේන්නෙ... ඊට පස්සේ ලොකුවටම තැනක් තිබුනෙ ආත්තම්මාට ඒ කියන්නෙ සීයගෙ මහමැණිකෙ... ඒත් ආත්තම්මටත් අවුරුදු තුනකටදෝ කොහෙද කලින් ටිකට් එක ඇදිච්ච නිසා සීයා තමා පවුලෙ එකම ප්‍රදානියා.. මේ බාල්දි අම්මණ්ඩි පැත්තෙන් දෙන්න ඇවිල්ලා ඉන්න එක්කෙනෙක්..
YOU ARE READING
මනෝ the love of daydream
Lãng mạnඔයා දන්නවද ? ආදරේ කරද්දි ඒ කෙනා අරක්කු වගේ නිර්දේශ්... අරක්කු අපිට අමුවෙන් බොන්න බෑ අප්පිරියයි සැරයි පිච්චිලා යනවා.. ඒ උනාට අපිට පුලුවන් ඒකට සෝඩා වතුර අයිස් දාලා රස කරන්න.. ඒකම අපිට ආදරේදිත් කරන්න පුලුවන් නෙ.. කෙලිම්ම ආදරේ කරනවා කියන්නැතුව අපිට පුල...