"සුදු මැනික සුදු මැනික...! සුදූ...!"
"මම එන්නද උබෙ ඔය යක්ස විමානෙට වඩම්මන් යන්න උබම එනවද නැගිටල"
අම්නෙ මෙ අම්මනම් මම හිරු කුමාරයද යකොව් මෙච්චර උදේ අවදි වෙන්න හරි මගුලක් උනානෙ මේක මේ වෙලාවට තමා හිතෙන්නෙ ගෙදර බල්ල මම වෙලා ඌ මම උනානම් හොදයි කියල ඌට මොන පස්නද කනව බොනවා නිදියනවා කොහොමත් අම්මට මට වඩා ඒකා ලොකුයිනෙ හහ්...
"සුදු මැනික නැගිටිනවා ලමයෝ"
"අයියෝ අම්මේ තව චුට්ටයි අනේ"
"නෑ නෑ චුට්ටක් වත් ඕන්නෑ නැගිටිනවා ඉස්කෝලෙ යන්න පලවෙනි දවසෙවත් උදේම යනවා"
............
"මම කොස්ස ගන්නද උබ නැගිටිනවද"
"අයියෝ හරි හරි අනේ මේ නැගිට්ටා ඕන් අපේ අප්පච්චි කොහොම ඝන්ටාරයක් එක්ක ජීවත් වෙන්න හිත හදාගත්තද මන්ද අප්පා"
"මොකක්ද උබ කීවේ"
අම්මා අතේ තිබ්බ කොස්ස ගුවන් ගත කරන්න හදනකොටම මම බාත් රූම් එකට පැනගත්තා මේ වෙනස්කම් සේරම ඉතින් මේ රෝස මලටනෙ තේරෙයි මේ මල නැතිඋනාම අගේ දැන් ඉතින් ඕව හිතුව කියල හරියන්නෙ නෑනෙ ඉතින් යමන්කො අර අටමගල රෙද්දේ ඉස්කෝලේ පලවෙනි දවසෙම මොන මරාලයක් කඩා පාත් වෙයිද දන්නෙ නෑ මගෙ විදියෙ එකෙක් හරි සෙට් උනොත් හොදයි එව්ව් පොත් ගුල්ලො නම් මලත් එපා මේ රෝස මලට ඊට හොදයි දෙකට නැමිල පුප හපන් මැරෙනවා
"සුදු මැනික මොකද ලමයො කරන්නෙ මේ අප්පච්චි ලෑස්තිත් වෙලා ඉක්මන් කරන්න"
"මේ අම්මේ ඒක නෙවේ මම ඔය ලබ්බ අස්ස රින්ගන්නම ඕනද නෑ ඉතින් මන් අහන්නෙ ඕකෙ ඉන්න උන් මට සෙට් වෙයිද කවුද දන්නෙ"
"සුදු මැනික මන් උබට හොදින් කියන්නෙ ඒ ඉස්කෝලෙ කලින් එක වගෙ නෙවෙ උබ ඒක කන පිට පෙරලනව එහෙම නෙවෙ"
"හරි හරි අනේ අම්මගෙ රෝස මල එච්චර දග නෑ හරිතෙ"
"අප්පේ ඔව්" "හරි හරි පරිස්සමෙන් ගිහින් එන්න"
"තෙරුවන් සරණයි මගෙ මැනිකට"
අම්මගෙයි අප්පච්චිගෙයි දාහක් අවවාද අනුශාසනා වලින් කන් දෙකත් පුරවන් මන් ගිහින් කාර් එකට නැග්ගා අද ඕලෙවල් වලින් පස්සෙ ඉස්සල්ලම ඉස්කෝලෙ යන දවස ඒකත් අලුත් කොළඹ ලොකු පොස් ඉස්කෝලෙකට අනෙ ඉතින් මටනම් පොස්ද පුස්ද අදාල නෑ ඉතින් සීන් දැම්මොත් නෙලනවා හතර අතේ ගැම්මට