30.

110 9 14
                                    

"අපි ටිකක් කතා කරමුද පුතා?"

"ම්.."

හොස්පිට්ල් එකට ගිය වෙලේ ඉඳන් ඩොකා මාව ඩොකාගෙ කාමරේට දාන් කියනවා ඉවරයක් නෑ.අරුන් දෙන්නා මාව ඩොකාට භාර දීලා මොන මගුලෙ ගිහින්ද දන්නෑ.දැනට මං දන්නෙ මෙච්චරයි.මේක ප්‍රයිවට් හොස්පිට්ල් එකක්.ඒක හින්දා ඩොකාට පැය කීයක්දෝ මාව චෙක් කරන්න ඕනි කීවා.මොනවද යකෝ මේ ශරීර කූඩුවෙ ඔච්චර බලන්න තියෙන්නෙ.

"පුතා ගොඩක් sensitive කෙනෙක් විදියට ගොඩක්ම වද වෙන්නෙ මොනවා ගැනද? මට හිතෙන්නෙ.. පුතා ඉන්නෙ ලොකු ප්‍රෙශර් එකකින්"

ඩොකා stethoscope එක මගෙ පපුවෙන් තියන ගමන් එහෙම ඇහුවෙ වයසක හාමුදුරු නමක් බණ කියන්න නමස්කාරෙ දෙන්න ලෑස්ති වෙනවා වගේ.මොනා නැතත් ඒ ඩොකා වයසක වුනාට පොඩි ප්‍රොෆෙෂනල් පෙනුමක් තිබුනා.අනික.. ඒ ඩොකා හරියට අපෙ සීයා වගේ.හැබැයි සීයා තරම් නාකි නෑ.

"මොකුත් නෑ ඩොක්ට' "

"පුතා බොරු කියන්න දන්නෙ නෑ නේද?"

මූ ලෙඩ බලනවද නැත්තම් මෙතන හඳහන් බලනවද.කරන මගුලක් කරලා ඉක්මනට මට යන්න දියන් දෙයියෝ.

"ඩොක්ට'? මට ඇති ලෙඩක් නෑ.ලෙඩක් තිබ්බත් කමක් නෑ.මං මැරෙන්න බය නෑ"

වහප් කට ඕෂධ! කවදා ඉඳන්ද මම වැඩිහිටියෙක් ඉස්සරහ ඒ විදියට මගෙ කටහඬ ඉස්සුවේ.මට මොනවා වේගෙන එනවද කියලා මං දන්නෙත් නෑ.ඩොකාවත් දන්නවද දන්නෑ.

"ම්.. ඕෂධ නේද පුතාගෙ නම? ඕෂධ මන්සිතු සුවහස්.. ඒක ගොඩක් unique name එකක්.ඕෂධ මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන අය කීයක් විතර ඉන්නවද?"

"හතරයි"

"වොහ්.. හතරක්?"

"එක මගෙ අක්කා.දෙක අත්තම්මා.තුන සීයා.හතර මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්"

"ඊට අමතරව.. පුතාට වර්තමානෙදි අත්‍යවශ්‍යමයි කියලා හිතෙන අය කවුද? ඇයි පුතාට එහෙම හිතෙන්නෙ?"

"මට ගොඩක් යාලුවෝ නෑ ඩොක්ට'.ඉන්න අයගෙන් මට ගොඩක්ම වටින්නෙ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩුයි නෙතෘ අයියයි නිමේක්ෂ අයියයි තව දෙතුන් දෙනෙකුයි විතරයි.ඇයි ඩොක්ට' මගෙන් personal දේවල් අහන්නෙ?"

CHRYSANTHEMUM | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now