"මං මොනවා කරන්නද ඕයි! උඹලා දන්නවනම් මුගෙ හැටි... බබා වගේ හිටියට මූ මට හෙලවෙන්නවත් දෙන්නෑ යකෝ රෑට!" මොකද්ද අයියෙ ඒ හරුපෙ.නිදාගත්තට පස්සෙ වෙන දේවල් ගැන මාවත් දැනුවත් කරපියාව්!
"මොකද්ද බං ඒ කීවෙ?" නිමේක්ෂ අයියයි නිම්නයයි තාම ඒක ප්රොසෙස් කරගන්න ගමනුයි හිටියෙ.
"දවස් දෙක තුනක්ම ඕක සිද්ධ වුණා.ඌ මං ගාව නිදාගන්න ආවම නිදාගන්නවට වඩා ඌ කරන්නෙ මාත් එක්ක ඤෑව් වෙන එක!" මොකද්ද අයියෙ ඒ.මාව පූසෙක් වගේ පේනවද බොට.බළල් ඇස් තිබ්බ පළියට මං පූසෙක් වෙන්නෑ යකෝව්.
ඒ කීව එක අහලා නිමේක්ෂ අයියටයි නිම්නයටයි හික් ගෑවෙන්න ගියා.මොකද කීවොත් ඔය පොර නොකියා කීවෙ සෑහෙන බරපතල දෙයක් ගැන.උන් ඒක දන්නවා සගෝ.මං විතරද එතකොට කිසි දෙයක් දන්නැත්තෙ.
"අඩෝ අඩෝ සිරාද?? මං හිතුවෙ නෑ කොල්ලා බොට ලව් කියලා!අනික යකෝ තෝ මුකුත් කියන්නෙත් නැතුව ඌ මොකටද තෝත් එක්ක හැමිනෙන්න එන්නෙ?" නිමේක්ෂ අයියේ! උඹලා දෙන්නා කියන මගුලක් ප්රයිවට් කියවගනිල්ලකො අර අසරණයා කනත් රතු කරන් බොලාලගෙ කතාව අහන් ඉන්නවනෙ යකුනේ.ඌ නිට්ටෑව වුනාට මගෙ බොක්ක යකෝව්ව්ව්ව්ව්.
නිමේක්ෂ අයියා දිගටම සයාශ් අයියගෙ කතාව හාරවුස්සලා අහගෙන ගියා.සමහර තැන් නොතේරුනාට නිම්නයත් ඒකට හොඳාකාරවම ඇහුන්කන් දීගෙන හිටියෙ මේ කතාව මං ගැන එකක් හින්දා.
"එහෙම දෙයක් නෙවේ භල්ලො! ඌ නිදාගන්න ඇවිත් මොන මගුල කළත් උට නින්ද ගියාම කිසිම වෙනසක් නෑ.ඌ ඕෂධම තමයි.ආයෙ උදේ ඇහැරුනම උට මුකුත්ම මතක නෑ.පළවෙනි දවසෙ මං හිතුවෙ ඌ සිරාවටම එහෙම කරනවා කියලා.හැබැයි උදේ ඌ මොකුත් නොවුන ගානට ඉද්දි තමයි මට තේරුනේ මොකක් හරි අවුලක් වෙලා තමයි කියලා.මට තාම ඌව තේරුම් ගන්න බෑ යකෝ! මං දන්න තරමින් ඕෂධ කියන්නෙ ගෞරවී අක්කගෙ පණ.අක්කා ඌව ප්රින්ස් කෙනෙක් වගේ බලාගන්නවා.අනික ඌ ඕනිවටත් වඩා කියොට්! ඒත් එකපාරටම මෙහෙම හැසිරෙද්දි මට හිතාගන්න බෑ බං!"
මං කිසිත් නොදනිමි ඉරකි තිතකි."සයාශ් අයියෙ? නිමේක්ෂ අයියෙ? උඹලා දෙන්නා හොල්මන් විශ්වාස කරනවද??" නිම්නයත් ඉඳලා ඉඳලා කටට ආව එක ඔහේ කියලා දැම්මා.ඒක අහලා අරුන් දෙන්නගෙ මොළගෙඩිත් පත්තු වුණා වගේ උන් දෙන්නා මූණෙන් මූණ බලාගත්තා.
YOU ARE READING
CHRYSANTHEMUM | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -24.10.30