අම්මා...
අම්මගෙ ආදරේ පොඩි කාලෙදිම මට නැති වෙලා ගියාට මාව කුසින් නොවැදුවත් ඇත්තටම අම්මා වගේ හිටියෙ මගෙ අක්කා.සයාශ් අයියා කියනවා වගේ ඇත්තටම එයා තමයි මේ ඕෂධගෙ අම්මා.මගෙ ජීවිතේ කොච්චර කාලකන්නි එකද්ද කීවොත් මට කවදාවත් අම්මගෙ ආදරේ ලබන්න පින නැතු ඇති.මුලින්ම අම්මා මාව දාලා ගියා.අන්තිමට මට අම්මෙක් වුන මගේ අක්කත් මට නොකියම යන්න ගිහින්.
එදා අක්කා මට කෝල් කරපු වෙලේ මට එයාව හම්බෙන්න යන්නයි තිබුනෙ.මං වගේ පවුකාරයෙක්ට ඔහොම වෙලා මදි! පුතෙක් විදියටත් මං පරාදයි.මල්ලි කෙනෙක් විදියටත් මං පරාදයි.මට එදා අක්කගෙන් වෙනසක් තේරුනා තමයි.ඒත් ඒ වෙලාවෙ මට ගෙදරින් එලියට යන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.එහෙම නොවුනනම් මං නොයා ඉන්නෙත් නෑ.
මං හිතුවෙ මැහුම් දාද්දි දැනෙන වේදනාව තමයි මං වින්ද ලොකුම වේදනාව කියලා.ඒත් මනමාලියක් වගේ ලස්සනට සරසලා මගේ අක්කව මිනී පෙට්ටියක තියලා ඉන්නවා දකිද්දි... මං දන්නෑ මට මොනවා වුනාද කියලා.මට මතක සයාශ් අයියා මාව අල්ලන් හිටියා කියලා විතරයි.එදා අක්කා මට කෝල් කරපු වෙලේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙත්.අක්කා කෝල් එක අරන් ටික වෙලාවකින් හොස්ටල් එකේදි වහ බීලා තියෙනවා.මං දන්නෑ මගෙ අක්කට කොයිතරම් දුකක් දැනෙන්න ඇත්ද කියලා එවලෙ.ඒත් අක්කට මල්ලි කෙනෙක් ඉඳලත් ඇයි එයා එහෙම දෙයක් කරගත්තෙ! මං මහන්සි වෙලා ඉගෙන ගන්නෙත් මං හොඳ තැනකට ආවම අක්කා පොඩි කාලෙ ඉඳන් මාව බලාගත්තා වගේ අක්කටත් සලකන්න බලන්.දැන් මං කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නද? මට හිටියෙ ඔයා විතරයි අක්කෙ!
එදා මාව පහන්දිලා එක්ක නවත්තලා සයාශ් අයියයි නිමේක්ෂ අයියයි පොලිසියට ගියේ මේ හැමදේම මගෙන් හංගලා.මං ඇරෙන්න අනික් හැමෝම ඒ වෙද්දි අක්කා ගැන දැනගෙන ඉඳලත් ඇයි මට...! මට අක්කත් එක්ක ඉන්න තිබුනා! මං හොස්ටල් එකට ආවෙ නැත්තම් අක්කත් ගෙදර ඉන්නවනෙ! ඔයා මේ දේවල් දැනගෙනමද මාව සයාශ් අයියා ගාව නතර කළේ! ඔයා නැතුව ඉක්මනටම මං මැරෙයි අක්කෙ...
බෙහෙත්වලට නින්ද ගියයින් පස්සෙ ආයෙ මට ඇහැරුනේ පහුවදා උදේ.මං ඇහැරෙද්දි හැමෝම හිටියෙ සුදු ඇඳන්.සයාශ් අයියා මං ගාවට ඇවිත් ඒ වෙලාවෙ මාව මොකුත් නොකියා තදින් හග් කරගෙන අඬන්න පටන් ගත්තා.ඌ එහෙම අඬනවා මං කවදාවත් දැකලා තිබුනෙ නෑ.ඉතින් මං පුදුම නොවී ඉන්නද.
YOU ARE READING
CHRYSANTHEMUM | BL | Horror | Ongoing ⚠️️
Nonfiksi"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -24.10.30