"තාත්තේ අපි කොහෙද යන්නේ මේ."ඒ වෙලාවේ අපි හිටියේ මීරිගමින් හයිවේ එකට දානගමන්. අයිය තමයි ඩ්රයිව් කරේ තාත්තා පැසෙන්ජර් ශීට් එකේ මම පිටිපස්සේ හිටියේ.
"ඔව් තාත්තේ දැන් මම මේ ඩ්රයිව් කරනවා මමවත් දන්නේ නෑනේ කොහෙද යන්නේ කියලා"
ඒ ඇහුවේ අයියා. මොකද මෙච්චරවෙලා තාත්තා කියපු පාරවල් වලින් අයියා ඩ්රයිව් කරන් ආවට අයියවත් දන්නේ නෑ මොන ජම්බුද්දීපයකට යනවද කියලා.
"ඉස්සරලම කුරුණෑගල ඊළගට අනුරාධපුර"
ඉතින් කුරුණෑගලටනම් තව පැයක්වත් නෑ එහෙ ඉදලත් අනුරාධපුර යන්න පැය දෙකක්වත් යයි ගමන නම් එහෙම්මමයි යන්නේ කොහෙද කියලානම් දැනගත්තට යන්නේ ඇයි කියලා දන්නේ නෑනේ.
"ඒ ඇයි තාත්තේ"
"ඔයාලා දෙන්නම ඇහුවනෙ මම එහෙමෙහෙ යන්නේ ඇයි කියලා. ඉතින් ඒ යන වැඩකට මේ යන්නේ. ගිහින්ම බලන්නකො."
ඉතින් හයිවේ එකේ වටපිට බලබල අපි එන්න ආවා. ඒත් එක්කම මගේ ෆෝන් එක බයිබ්රේට් වුනේ කෝල් එකක් ආව නිසා. ඒ හංසගෙන්.
"හෙලෝ සුදූ"
"අයියේහ්..."
ඒ කතාකරේ අර වෙනදා කටහඩින් නෙමෙයි ඒක හරි මලානික කටහඩක් මහ අමුතුම විදියකට එයා අයියේ කිව්වේ.
"සුදූ මොකෝ මේ ආ මොකක්ද වුනේ"
"අයියේ මට හෙට යන්න වෙනවා. අම්මලා මාව එහෙට ගන්නවලු අයියේ. මට යන්න බෑ"
ඒ කිව්වේ ඉකිගහන ගමන් කියල මට හොදට තේරුනා. මම ඉන්නේ ගෙදරත් නෙමෙයි මට දැන් එයා ලගට දුවල යන්න හිතුනා. ගිහින් ඒ මූන මගේ පපුව අස්සේ හංගගන්න හිතුනා ඒත් කොහොමද. නෑ නෑ එයාට එහෙම යන්න දෙන්න බෑ.
"අනේ එපා මාව දාලා යන්න එපා සුදූ එපා"
"මට සමාවෙන්න අයියේ."
"නෑ... නෑ.... බෑ ඔයාට මාව දාලා යන්න බෑ...."
මම ඒ කිව්වේ කදුලු ඇස් දෙකේ පුරවගෙන. කිව්වටවඩා මම ඒ වචන මිමුණුවා. මට හිතුනේ මගේ මුලු ජීවිතේම අදුරුවෙලා යනවා වගේ. මගේ ලෝකෙට පායලා තිබ්බ ඉර නැතිවෙලා මුලු පරිසරයම ඝන අන්ධකාරෙකින් වැහිලා ගියා.

BẠN ĐANG ĐỌC
ස්වේත හංස | Switched to අහිමි හුස්ම
Phi Hư Cấuආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍