"පුතා ඉක්මනට නැගිටින්න පරක්කු වෙලා.." අම්මා මගේ දෙඋර සොලවමින් සෙමින් කතා කල හඩට මම සෙමින් නිදිබර දෑස විවර කලෙමි.
"ඇයි අම්මේ.." නින්දත් නොනින්දත් අතර සිටි මට අද දවස ගැනවත් මතකයක් නොතිබුණි.
"වැඩට යන්නේ නැද්ද කම්මැලි කමට තාම නිදාගෙන ඉන්නේ.."
"යන්නම් යන්නම්.. වෙලාව කියද?"
"දැන් 6ටත් ලගයි.. පරක්කු වෙලා අපිට කෑගහන්න එපා බොරුවට.."
වෙලාව ඇසුණු පසු මම රත් උනෙමි. දඩි බිඩි ගා ඇදෙන් පැනගත් මම පොලවට අඩිය තබන විටම ලිස්සාගොස් පස්ස බිම ඇනුනි. රෙදි නවමින් සිටි අම්මා මෙයා දැක කට වසාගෙන සිනාසුනාය. "හොද වැඩේ.."
මම හැකි ඉක්මනින් නාන කාමරයට ගොස් මුහුණ කට සෝදාගෙන ගතිමි. මම බාත්රූම් එකෙන් එලියට එන විට අක්කා තුවායත් ඇග දවටා මම එනතුරු නිදිගැට කමින් එතනය.
"මොකද හලෝ කොල්ලෝ නානවා හොරෙන් බලනවද.." උදේ පාන්දරම අක්කාට කින්දඩියක් දැමීම මගේ පුරුද්දකි.
"වැඩේමයි මට තමුසෙගෙ ඒවා හොරෙන් බලන්න.. හැමදාම පරක්කු වෙලා ඇහැරෙනවකෝ, එතකොට මට කලින් බාත්රූම් යන්න පුළුවන්.."
"ඇයි කලින් යන්න ඔච්චර හදිස්සි.. කොල්ල කිව්වද පරක්කු නොවී එන්න කියල.." මම ඇගේ අතක කොනිත්තියක් කමින් එතනින් පැන දිව්වෙමි.
"ආආආ...ව්.. බලන්න අම්මේ මේ මෝඩය කියන කතා.."
"හා හා දැන් දෙන්නම කටවල් පියාගෙන ලෑස්ති වෙන්න... මම දන්නවනේ දෙන්නගෙම හැටි.." අම්මා හදන්නේ අපි දෙන්නවම එකවර නොන්ඩි කරන්න වගේය. අක්කා සැනෙකින් මා දෙස රවා බැලුවාය. මම ඇයට ඇසක් ගසා එතනින් මාරු උනෙමි.
අක්කා දැනටමත් කොල්ලෙක් සමග සම්බන්දයක් පවත්වයි. මස්සිනා කාරයනම් හොද එකාය. ඒකට අපේ අක්ක, මට තවම පුදුම මුන් දෙන්නා එකට සිටින විදිය දැකය. කැලුම් අයියා නම් කියන්නේ අක්ක ටිකක් නපුරු උනාට එයාට පණට වඩා ආදරෙයිලු. කියූ ලෙසම අක්කා අයියාට පන උනත් දෙන ලෙසටම ලව් කරයි. දෙන්නගේ ලව් එකට දැනට අවුරුදු තුනක් පමණ වෙයි. අක්කා මොන දේ කරත් තමන්ගේ අයට පන උනත් දෙන බවට සැකයක් නැත. පොඩි කාලේ පටන්ම ඇය මා ලගින්ම සිටියාය. මගේ කුමන ප්රශ්නයකදී වුවද මා මුලින්ම දිව යන්නේ අක්කා වෙතටයි. අප දෙදෙනාගේ ප්රශ්න අප දෙදෙනාම විසදා ගැනීමට හුරුවුයේ කුඩා කාලයේ පටන්ය. ඒ කුඩා කල පටන්ම දෙමාපියන්ට අපගේ හිත්වල තිබූ බයත් ගෞරවයත් නිසාය. අදටත් මේ සම්බන්දය පිළිබද අක්කා ගෙදරට නොකියන්නේ ඒ හේතුවෙනි.