මම phone එක අතේ තබා ගෙන ටික වේලාවක් කල්පනා කළෙමි. මොකක්ද මම මෙයාට යවන reply එක.. මෙයාව bite කරා කියල කිව්වොත් මල පනීවි. බොරුවක් කියන්නත් හේතුවක් තියෙන්න එපැයි. එක්කෝ ඇත්තම කියනවා. මම කට උල් කරගෙන ටික වේලාවක් screen එක දෙස බලා සිට type කරන්නට පටන් ගත්තෙමි.
"අයියෝ ඔයා ඒක serious ගත්තද..? මම joke එකට කිව්වේ කෙල්ලෙක් ඉන්නව කියලා.. 😂😂"
SMS එක යවා phone එක ඇදේ පසකින් තබා laptop එක උකුලට ගතිමි. බලමුකෝ කවුද මේ සමින්දි කියන්නේ කියලා. Facebook search bar එකේ මම ඇගේ නම type කලෙමි. සමින්දිල 100ක් විතර ඉන්නවනේ. එයාගේ සම්පුර්ණ නම මොකක්ද දන්නැහැ.. ම්ම්ම් බලමුකෝ ගමේ නමින් search කරලා. තිස්සමහාරාමේ සමින්දිල කීයක් හිටියත් අද මම මෙයාව හොයාගෙන තමයි නතර වෙන්නේ. ටික වේලාවක් සෙවීමෙන් ඇගේ profile එක මට සොයා ගැනීමට හැකි විය. කවුද මේ profie picture එකේ මෙයා එක්ක ඉන්න ගෙම්බා.. රැවුල වවාගත් මරුමුස් පෙනුමැති තරුණයෙක් ඇගේ කරට අතක් දමාගෙන සිටියේය. ශුවර් එකට කමින්ද කියන්නේ මූ වෙන්න ඇති. හැටි විතරක් හාල් පාරුවා.. මම ඇගේ profile එක ඇතුලට ගොස් බැලුවෙමි. ඇගේ profile එකේ ඇය තනියම සිටිනා photos වලට වඩා තිබුනේ ඇගේ පෙම්වතා සමග සිටි ඒවාය. මම ඔහුගේ profile එකට ගොස් බැලුවෙමි. මූත් මං වගේම කාර් පිස්සෙක්ද කොහෙද.. මූට තියෙන්නේ කලු පාට civic එකක්.. ම්ම් බලමුකො පුතා.. මගේ phone එකට නැවත sms එකක් ආවේය. සමින්දි අක්කා reply කරල වගේ..
"ආ.. එතකොට අර call එකක් අරගෙන ඔයා මාව bite එකට ගත්තද..?? 😠😠"
අම්මෝ මෙයාට ඩෝන් ගිහින්නේ..
"නෑ අක්කේ පිස්සුද.. මම ඒවෙලේ ගයියව bite කරේ.. 😂😂""හ්ම්ම්.."
කෙල්ලොත් එක්ක විහිලු කරන්න බැරි ඕක තමයි. මම නැවත reply එකක් නොයවා රාත්රී ආහාරයට කෑම කාමරයට ගියෙමි. ඉන්පසු නැවත කාමරයට පැමිණ ඇදට වැටුනෙමි. මහන්සිය නිසදෝ මට ඉක්මනින්ම නින්ද ගියේය.
පසුදා දිනයේ විශේෂ කිසිවක් සිදු නොවුණි. Office එකේ නිම කිරීමට නොහැකි වූ වැඩ කොටසක් උදේ වරුවේ කරමින් කාලය ගෙවා දැමුවෙමි. හවස්වරුවේ lap එක අතට ගෙන fim එකක් බැලුවෙමි. ඒ සෑම වෙලාවකම මම සිටියේ සමින්දි අක්කාගෙන් message එකක් එනකන් නොයිවසිල්ලෙනි. හෙට උදෑසන ඇයත් වැඩට යන බව මා දනී. ඒත් මෙයා මට message එකක්වත් දැම්මේ නැත්තේ මාත් එක්ක තරහ වෙලාවත්ද.. කෙමින් කෙමින් රෑ බෝවුනත් තවම ඇගෙන් message එකක් නොමැති නිසා තවදුරටත් ඉවසාගෙන නොසිට මම phone එක අතට ගත්තෙමි.